සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියන බදු ගහනවා… අලුත් බදු එනවා… IMF ඉලක්කය අනුව හැම පුරවැසියෙකුගෙන්ම 1,36,000ක් අවුරුද්දට අලුතින් එකතු කළ යුතුයි… චම්පික ඇත්ත කියයි!

බොරු නොකියා දැන්වත් ඇත්ත කියන්න... ඇත්ත පිළි අරන් ඉස්සරහට යන්න මේ රට ලෑස්තියි...

by editor
ජනවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් දින 100ක් ගියානේ… තවත් 76 අවුරුදු සාප කතා, කොමිස් මාෆියා ගැන බොරු නොකියා IMF කියන විදිහට බදු එකතු කරගන්න ඕන කියන ඇත්ත කතාව කියන්න… පාඨලී ජනපති අනුරට කියයි!

කොටස් වෙළෙඳපල මිල ඉතිහාසයේ ඉහළම අයගයට යෑම සිදුවන්නේ රටේ ආර්ථිකය ස්ථාවර වීම නිසා නොව, රඳවා ගැනීමේ බද්ද සියයට 10 තෙක් වැඩි කිරීමත් සමග බැංකුවල සාධරණ තැන්පතු කරුවන් එම මුදල් ඉවත් කරගෙන කොටස් වෙළෙඳපලේ ආයෝජනය කිරීම නිසා සිදුවූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

මේ තීන්දුවත් සමග රටේ බැංකු පද්ධතිය බරපතල අර්බුදයකට ගොස් ඇති බව පවසන පාඨලී පෙන්වා දුන්නේ කයිවාරුවලට නොරැවටෙන ලෙසත්, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝග ප්‍රකාරව මේ බදු අය කරගැනීම පවත්වාගෙන යනවා පමණක් නොව නව බදු එන්නටත් නියමිත බවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුව ප්‍රාථමික ගිනුමේ ශේෂය බිලියන ධන 667ක මුදලක් පවත්වා ගැනීම සදහා 2020 වසරට සාපේක්ෂව සෑම පුද්ගලයෙකුගෙන්ම රුපියල් එක් ලක්ෂ තිස් හය දාහක නව මුදලක් එකතු කරගත යුතු බවත් ඒ සඳහා කරන බදු එකතුකරගැනීමේ දී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට යටත්ව කටයුතු කිරීමට සිදුවී ඇති බව අනුර – හරිනි ආණ්ඩුව ඍජුව ඇත්ත ප්‍රකාශ කළ යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.

“එහෙම නැතිව අර කොමිස් මේ කොමිස් මාෆියා, හැත්තෑ හය අවුරුදු සාපය වැගේ ඡන්දයට කලින් කියපු කතා දැන් කියන්න එපා. ඒව දැන් වලංගු නෑ…” චම්පික රණවක පැවසුවේ එසේය.

බදු අය කරන්නේ කොහොමද කියන එක මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සවිස්තරාත්මක ප්‍රකාශයක් කළ යුතුයි. මේ ජනාධිපතිට අගමැතිට ඒක කරන්න බෑ. ඒක කරන්න ඒ අයට තේරෙන්නේ නෑ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බලයට එන්න කලින් මොකක්ද කිව්වේ. තෙල්වලට බදු ඉවත් කරන බව කිව්වා. එක තඹයකින් තෙල් බදු ඉවත් කරලා නෑ. 118ට වරායට බාන පෙට්‍රල් ලීටරයකට 109ක බද්දක් තියනවා. ඩීසල් මිල 136ට. රුපියල් 86ක බද්දක් තියනවා. තවත් ලද බොළඳ කතා කියන්න එපා. කොමිස් කතා කියන්න එපා. පහුගිය ආණ්ඩු ගිවිසුම් ගහලා නෑ. ඒ ගිවිසුම ගහලා නෑ. තෙල් බද්ද ආණ්ඩුවෙ බද්දක්.

විදුලි බිල අඩු කිරීමත් එහෙමයි. – දැන් තියෙන්නේ අනුර හරිනි ආණඩුවේ ලයිට් බද්ද.
2023 අවුරුද්දේ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 66ක් ලාබයි. 2024 බිලියන 177 ලාභය ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට එකතු වෙලා තියනවා. බිලියන 300ක නොගෙවපු බිල් භාණ්ඩාගාරය හරහා බදු ගෙවන ජනතාවගෙන් උකහාගෙන තියනවා. ඒත් වැරදි දත්ත මත මේ අවුරුද්දෙත් විදුලි බිල අඩු නොකර ඉන්න කටයුතු කරනවා.

අපි කියන්නේ මෙච්චරයි. අර කොමිස් මේ කොමිස් බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් නොකර රට ගෙනියන්න බදු ගහනවා කියන්න. තවත් බොරු කියන්න එපා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට මේ ආණ්ඩුව කරන දේ බලන්න. වියලි මිරිස් කිලෝවක් වරායෙ ගුදමට එනකොට රුපියල් 516යි. ටැක්ස් එකක් එවනා රුපියල් 100ක. සතොසෙ විකුණන්නෙත් කිලෝ එකක් රුපියල් 845ට.

හාල්මැස්සො කිලෝ එකක් වරායට එන්නේ රුපියල් 521ක මිලකට. රුපියල් 100ක බද්දක් තියනවා. ආන්ඩුව සතොසෙ හාල්මැස්සො කිලෝ එක විකුණන්නේ 960ටය. මේ මිල ගණන් ගැන වෙළෙඳ ඇමති වහාම පැහැදිලි කිරිමක් කළ යුතුයි.

සුදු හාල් කිලෝ එක රුපියල් 146යි. 65ක බද්දක් තියනවා. රුපියල් 211යි එතකොට ගණන. පරිප්පු රුපියල් 227ට ගෙන්නේ. බද්ද සත 25යි. සීනි 181යි. රුපියල් 50ක බද්දක් තියනවා එතකොට සීනි කිලෝවක් වෙන්න ඕන රුපියල් 211යි. ලොකු ලූණු 121 සිට 179ට තියනවා බද්ද රුපියල් 10යි. මේ තමයි ඇත්ත ගණන්. ඔබ කඩපිලෙන් මේ බඩු මිලදී ගන්නේ කීයට ද කියලා කල්පනා කරලා වෙන දේ ගණන් හදාගන්න.

මේ ගැන රජයට මැදිහත් වෙන්න බැරි ඇයි. ජනාධිපති ලේකම් රේගුවේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්. මේ තියෙන්නේ ආනයනික ක්‍රියාවලිය සම්බන්ද ප්‍රශ්නයක්. ආණ්ඩුවට මේක මෙල්ල කරගන්න නොහැකි නම් ඒක ඉතාම කණගාටු දායක ක්‍රියාවලියක්.

මේ රටේ අද තිබෙන ගැටලුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝගය ප්‍රකාරව ආදායම් එකතු කරගැනීමේි ප්‍රශ්නය මිස අරයාගේ මෙයාගේ කොමිස් සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේය.

“වචන විශ්වාස කරන්න එපා. දත්ත මත පදනම්ව වැඩ කරන්න. අපි අනුර හරිනි ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ 76 අවුරුදු කතා පවත්වන්නේ නැතිව ඇත්ත කියන්න. ක්‍රිස්ටියානා ජෝර්ජියාවා අපට නියෝගයක් දීලා තියනවා. ඒ නියෝගය අනුව අපට කටයුතු කරන්න සිද්ධ වෙලා තියනවා කියලා කියන්න. ඡන්දෙට කලින් කියපු වගාඩම්බර බර කතා දැන් වලංගු නෑ. ඇත්ත කියන්න. ” චම්පික රණවක කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් මිනුවන්ගොඩ අතුරු මාර්ගයකින් හමුවෙයි!

Next Post

සීසීඩියේ වැලිගම අපරාධය වහන්න පොලිස් ගේමක්….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.