බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අපරාධ කල්ලි මරා ගැනීම පසුපස ඉන්නේ දූෂිත දේශපාලනය… ඔවුන් හඳුනාගෙන තියනවා… ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා….

by editor
පෙබරවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට මතුවෙමින් ඇති අපරාධ කල්ලිවල හැසිරීම පසුපස දූෂිත දේශපාලන කණ්ඩායම් සිටින බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද (22) පැවසුවේය.

ඔහු කීවේ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙයෙවූ දූෂිත දේශපාලනය මෙන්ම මේ වනවිට ඉදිරියට යමින් ඇති විමර්ශන කටයුතු අඩපණ කිරීමට සූදානම්වන කණ්ඩායමක් රට අස්ථාවර කිරීම සඳහා කටයුතු කරන බවත් එම පුද්ගලයින් හඳුනාගෙන සිටින බව අවධාරණයෙන් ප්‍රකාශ කරන බවත්ය. මේ පිරිස් ලඟදීම අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පැවසුවේය.

ලේකම්වරයා මෙසේ ද කීවේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර විශාල ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. විවිධ කරුණු කරනා බලපලා තියනවා. කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙතන දේශපාලනයකුත් සම්බන්ධයි. යම් කාල වකවානුවක විවිධ මට්ටමේ දේශපාලන සම්බන්ධයක් තිබුණා. මේ තත්ත්වය මතයි මේක උත්සන්න වෙලා තියෙන්නේ.

අලුත් කඩේ උසාවියේ දි ගණේමුල් සංජිව ඝාතනය සම්බන්ධව තොරතුරු ලැබුන වහාම වැඩ බලන පොලිස්වතිවරයා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එම ඝාතකයා හඹා යමින් ඔහුව කොටු කරගැනීමට අවශ්‍ය සැලසුම් සහ පිරිස් බලය ලබා දිලා පැය කීපයක් තුළ සැකකරු අත් අඩංගුවට ගත්තා. ඒ වගේම දකුණු පළාතේ මිද්දෙණිය ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිද්ධ වුනා. ඒ සම්බන්ධවත් ඒ අපරාධකරුවනුත් අත් අඩංගුවට ගත්තා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෑත කාලයේ දි අවශ්‍ය විමර්ශනය සිදුකරලා නීතිය ඉදරියට ගෙන ඒමේ ක්‍රියාවලිය ඉතාම මැනවින් පොලිස් දෙපාර්තමේන්තුව ඉටු කරනවා. ඒ අවස්ථාවල බුද්ධි අංශවල සමහර අවස්ථාවල ත්‍රිවිධ හමුදාවල සහාය ඇතිව ඒ කටයුතු දිගින් දිගටම සිද්ධ වෙනවා.

මෙහිදී අප දකින තවත් කාරණාවක් තමයි මේ අපරාධ කල්ලි නායකයින් බොහෝ දෙනෙක් ඉන්නේ රටින් පිට. ඒ සම්බන්ධයෙනුත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අරන් පොලිසියට අවශය මගපෙන්වීම ලබා දීලා තියනවා ඒ සැකකරුවන් රටට අරන් ඇවිත් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන්න. ඒ කටයුත්තත් දැනට ආරම්භ කරලා තියනවා. පහුගිය දිනවල මැදපෙරදිග රාජ්‍යයකින් 09ක්, අසල්වාසී රාජ්‍ය්‍යකින් සැකකරුවන් 04ක් අරන් ආවා.

රටින් පිට ඉඳන් ක්‍රියාත්මක වුනත් ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීමේ ක්‍රියාවලියන් දිගටම කරගෙන යනවා. මේ සැකකරුවන් සියලුම දෙනාට අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන තියනවා. ඒ රතු නිවේදන මත නම් කළ සැකකරුවන් තමයි මෑතකදී ලංකාවට ගෙනාවේ.

මේ ක්‍රියාවලිය හොඳින් කරගෙන යද්දි පාතාලය මැඩලිම හොඳින් කරගෙන යද්දි සමහර අවස්ථාවල මේ කටයුතුවලට යම් යම් බාධ පමුණුවන අරමුණින් කටයුතු කරන සංවිධාන ගැනත් සංවිධානාත්මක පුද්ගලයින් ගැනත් අපට වාර්තා වෙලා තියනවා.

ඒකට හේතුවක් තියනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් මත සහ සමහර දූෂිත දේශපාලන කණ්ඩායම් මත.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කරගෙන යද්දි ඔවුන් කොටු වීමට ආසන්න වනවිට යම් යම් උපායශීලී ක්‍රියාමාර්ග ගන්නවා. එවැනි දේවල් මේ දවස්වල සිදුවෙමින් යනවා.

ඔබට මතක ඇති පහුගිය දවස්වල බොහොම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වුනා. පුද්ගලයින් පැහැරගෙන ගියා. පුද්ගලයින් ඝාතනය කළා. පහර දීලා අඩපණ කළා. සමහර අවස්ථාවල බොහොම ධරුණු ප්‍රහාර එල්ල වුනා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වන. පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර.  මේ සියලු කාරණා සම්බන්ධව විමර්ශන නැවත ආරම්භ වුනා. ආරම්භ වුනා පමණක් නොව ඉතා හොඳින් ඉදිරියට ගෙන යනවා. සමහර අය මේ වනවිට අත් අඩංගුව අරන් තියනවා. සමහර අය විමර්ශන අවසන්වෙලා අධිකරණයට නඩු පැවරීම් කටයුතුවලට යොමු වෙලා තියනවා. සමහර අයට විමර්ශන අවසන්. නඩු පැවරිමට ආසන්න සිද්ධින් තියනවා.

ඒ වගේම අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත පරීක්ෂණයක් ආරම්භ කරලා කලින් විමර්ශනයේ දී අනාවරණය නොවූ පැතිකඩවල් හඳුනාගෙන ඒ පිලබඳව සාර්ථකව විමර්ශන පවත්වාගෙන යන වෙලාවේ විමර්ශන අඩපණ කිරීමටත් රටේ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීමටත් යම් යම් පිරිස් කටයුතුකරනවා කියන එක අපට බුද්ධි අංශවලින් වාර්තා වෙලා තියනවා. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරලා තියනවා. ඒ පුද්ගලයින් අපි හඳුනගෙන තියනවා. නැවත කියන්නේ. ඒ පුද්ගලයින් අපි හඳුනාගෙන තියනවා. ඉදිරියේ දී නීතිය ඔවුන්ට දැඩිව ක්‍රියාත්මක වෙනවා.

මේ පුද්ගලයින් කණ්ඩායමට විමර්ශන අඩපණ කිරීමට කියලා රට අස්ථාවර කිරීමේ උත්සාහයන්වලට අපි කිසිසේත් ඉඩ දෙන්නෙ නෑ.

විශේෂයෙන්ම අප සඳහන් කළ යුතුයි. මේ කටයුත්තේ දි බුද්ධි අංශ අපට ඉතාම දැඩි සහයෝගයක් ලබා දෙනවා. ත්‍රිවිධ හමුදාවත් සහයෝගය ලබා දෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන කණ්ඩායම අපට හොඳ සහයෝගයක් දෙනවා. මේ ඇති වෙලා තියන තත්ත්වය සමනය කරලා මේ විමර්ශන ඉදිරියට ගෙනයෑමට හැකි වේවි කියලා අප බලාපොරොත්තු වෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA ලාල් කාන්තගෙන් ගේම ඉල්ලයි… අපි රටින් යන්නම්… ඔයාලා රෝහල් ටික තියටර් ටිකයි බලා ගන්න… GMOA කියයි!

Next Post

රට තුළ අපරාධ කල්ලි 58ක පාතාලයින් 1400ක් ක්‍රියාත්මකයි… වැඩ බලන පොලිස්පති හෙළි කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.