බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තුළ අපරාධ කල්ලි 58ක පාතාලයින් 1400ක් ක්‍රියාත්මකයි… වැඩ බලන පොලිස්පති හෙළි කරයි!

Sri Lanka Launches Major Crackdown on Underworld Gangs

by editor
පෙබරවාරි 22, 2025
in පුවත්
Priyantha Weerasooriya

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

Share on FacebookShare on Twitter

ලංකාවේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් සහ ඔවුන් සම්බන්ධ අනුගාමිකයින් 1400 පමණ දෙනා සිටින බවත්, එම පිරිස් මේ වනවිට හඳුනාගෙන ක්‍රමානුකූල පාතාල මර්ධනයක් ආරම්භවන විට ඇතිවන කලබලවීම මේවනවිට තැන තැන ප්‍රකාශවන බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

ඔහු පවසන්නේ මේ පාතාල මර්ධනය ආරම්භයත් සමග ඔවුන් කලබල වී ඇත්තේ මේ වනතුරු එම පාතාල කල්ලිවලට ලැබුණ දේශපාලන රැකවරණය මේ වනවිට අහිමි වී ඇති නිසා බව ද වැඩබලන පොලිස්පතිවරයා කීවේය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව ප්‍රකාශ කළේ අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ ද පැවසුවේය.

“ගෝනවල සුනිල්ගෙන් පටන් ගත්තට පස්සේ මෑත ඉතිහාසයේ ජුලම්පිටිය අමරෙ, වම්බොට්ටා, බැද්දගානේ සංජීව වගේ අපරාධකරායො ගත්තොත් ඔවුන්ට දේශපාලන රැකවරණය නොමදව තිබුණා. දේශපාලන රැකවරණය ගන්න ශ්‍රී ලංකා පොලිසියෙ උප සේවයට බඳවා ගන්න අවස්ථාවකුත් තිබුණා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“දැන් මතුවෙලා තියන තත්ත්වය තමයි දේශපාලන රැකවරණය සංවිධානාත්මක අපරාධවලට අහිමි වෙලා තියනවා. තවදුරටත් මේ කටයුත්ත කරගෙන යන්න බැරිවෙලා තියනවා. ඔවුන් විශාල පිරිසක් විදේශ ගත වෙලා තියනවා ලංකාවේ ජීවත්වෙන්න බැරිව. එහෙම නැතිනම් සමහර වෙලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව අත් අඩංගුවට පත් වෙලා තියනවා.”

“ලංකාවේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් 1400ක් හඳුනාගෙන තියනවා. ඒ පළවෙනි සංවිධානාත්මක කණ්ඩායම දෙවැනි සංවිධානාත්මක කණ්ඩායම, ඔවුන්ට අනුග්‍රහය දෙන කණ්ඩායම් වශයෙන් බුද්ධි අංශවලින් නියමිත තොරතුරු ලබාගෙන හඳුනාගෙන තියනවා.”

“අපි ඔවුන් සම්බන්ධව ක්‍රියාත්මක වෙනවිට දැන් ගොඩ් ෆාදර්ලා රට ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඒ විදේශවල ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වෙඩි ගැබීම් 75ක් සමහර වෙලාවට නිශ්චිතවම වාර්තා නොවුනත් කපා කොට දැමීම් 18ක් වශයෙන් 93ක් 2024 වසරේ වර්තා වෙනවා.”

“ඒත් එක්කම 2025 මේ දක්වා ගත්තොත් වෙඩි තැබීම් 17ක් සහ කපා කොටා දැමීම් 5ක් ලෙස 22ක් සිද්ධි වාර්තා වෙනවා. ඒ සිදුවීම් වල 17ක් මේ වනවිට විසඳලා තියනවා. ඒ එක්කම අපි දකිනවා මේ අපරාධ සඳහා ඍජුව හෝ වක්‍රව පොලිසියේ හෝ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබිලා තියනවා. අපි ඒවත් හඳුනාගෙන තියනවා. ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කිසිම බාධාවක් නෑ. ඔවුන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් තියනවා ඒ නිශ්චිත අපරාධ සඳහා ඔවුන් අත් අඩංගුවට ගැනීම සිදුකරලා තියනවා.

“ඒ වගේ ගත්තොත් මේ වසර තුළ මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලෙස යුද හමුදා සක්‍රීය සේවයේ සිටින 1ක් පුද්ගලයෙක්,  සේවයෙන් ඉවත්ව ගිය සාමාජිකයින් 7ක් සහ එක් ගුවන් හමුදා සාමාජිකයෙක්,  ඇතුළුව ත්‍රවිධ හමුදා සාමාජිකයින් 09ක් සහ පොලිසියේ 2ක් සාමාජිකයින් වාර්තා වෙනවා.

2024.9.21 මේ රජය පත් වුනාට පස්සේ ටි 56 අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, ඒ.කේ 47 අවියක්, බෙහෙත් කොටන තුවක්කු 805ක්,  බෝර 12 තුවක්කු 75ක්, ගල්කටස් 10ක්, රිපීටර් 07ක්, වෙනත් අවි 4ක් විදිහට අත් අඩංගුවට අරන් තියනවා.

අපි දන්නවා සංවිධානාත්මක අපරාධ කප්පම් සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධව තමයි මේ සංවිධානාත්මක අපරාධ කරන්නේ. මෑත කාලයේ ගත්තොත් ඉතිහාසයේ වැඩිම වැටලීම කරනවා. ගිය වසරේ. මේ රජය පත් වුනාට පස්සේ කිසිම මත්ද්‍රව්‍ය වැටලීමකට බාධාවක් නෑ. ඒවා කරන පුද්ගලයින් දේශපාලනයෙන් බලපෑම් සිද්ධ වුනේ නෑ. ඉතිහාසය ගත්තොත් මාධ්‍ය සහ ජනතාව දන්නවා ඉතිහාසයේ දි ඒවා පසුපස කවුද හිටියේ කියලා.

මේ සමග කළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝ 309ක්, ගංජා කිලෝ 97ක්, කේරළ ගංජා කිලෝ 123ක්, ගංජා හේන් 312ක් අයිස් කිලෝ 383ක්, නිති විරෝධී මත් පැන් ලීටර 6430ක් අත් අඩංගුවට ගන්නවා.

ඒත් එක්කම අපි විවිධ වූ ක්‍රියාමාර්ග අරන් තියනවා අපරාධ දත්ත එකතු කිරීමට. අපරාධ මර්ධනය සඳහා ජාත්‍යාන්තර සහාය නොමදව ලැබිලා තියනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 19 දෙනෙක් අපරාධකාරයො ලංකාවට ගෙන්වලා තියනවා. රතු නිවේදන 199ක් නිල් නිවේදන 90ක් කහ නිවේදන 04ක් ලෙස අපි අපරාධකරුවන් සඳහා අරන් තියනවා. සංවිධානාත්මක අපරාධ පමණක් නොවෙයි, මේ 199 ඇතුළේ වෙනත් අපරාධවලටත් සම්බන්ධ අය ඉන්නවා. උදාහරණයක් ලෙස ඊයේ ගෙන්වූ පුද්ගලයා ඔන්මැක්ස්ඩීටී වංචාවේ ප්‍රධාන සැකකරු.

ඒත් එක්කම අපි දත්ත පද්ධති දාලා තියනවා. ඒ දතත් පද්ධති ගුවන්තොටුපල සහ වෙනත් ස්ථානවල තියනවා. ඒ නිසා අපරාධ මර්ධනය සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පහසු වෙලා තියනවා.

අප දකිනවා මේ අපරාධකරුවන් විදේශවල විතරක් නෙමෙයි බන්ධනාගාරවල ඉඳන් ක්‍රියාත්මකවනවා. ඒ සිද්ධි මේ වනවිටත් වෙනවා. ඒ තත්ත්ව අපි හඳුනාගෙනන තියනවා. ඒ අධිකාරීන් එක්ක සහ සම්බන්ධ වෙලා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දුරකථන 239ක්, සිම් කාර්ඩ්පත් 245ක් චාජර් 46ක්, බැටරි 70ක්, ඩේටා කේබල් 20ක්, හෑන්ඩ් ෆ්‍රී තුනක්, අත් අඩංගුවට ගෙන තියනවා.

මත්ද්‍රව්‍ය ජාලය බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක කිරීම ඉදියේ දි විශේෂ වූ සැලැස්මක් ගෙනත් සීමා කරනවා. හඳුනාගත්ත අපරාධකරුවන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිවලට යොමු කරලා තියනවා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඒ එක්කම මේ අපරාධකරුවන් ඊලඟට කරන දේ තමයි ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම. සමහර විට සබෑ කප්පම් කාරයො විදිහට ව්‍යාජ අංක වලින් දුරකථන ඇමතුම් දීලා තර්ජනය කරලා කප්පම් අරන් තියනවා. ඒ සම්බන්ධවත් අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනාගෙන තියනවා.

අපි හඳුනාගන්නවා බස්නාහිර සහ දකුණ අපරාධ කණඩායම්වල ක්‍රියාකාරිත්වය වැඩිම ප්‍රදේශ. මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරලා තියනවා. යම් අවස්ථාවක අඩුපාඩුවක් වෙන්න පුලුවන්. අධිකරණයේ සිද්ධිය ගත්තොත් අධිකරණයේ පිටත ආරක්ෂාව යොදවනවා. උසාවිය තුළට අපට අවි සහිතව රාජකාරියෙ යොදවන්න බෑ නීතියේ හැටියට. දැනට උසාවි පරිශ්‍රයේ ආරක්ෂාව පුද්ගලික ආරක්ෂක ආයතනයකින් තමයි සලසලා තියන්නේ. ඉදිරියේ දී ස්ථාවර ආරක්ෂාවක් සලසන්න කටයුතු කරනවා.

අපි දකිනවා අපරාධකයකින් පස්සේ මොවුන් පැනයන්න මාර්ග විදිහට සකසන්නේ ගුවන් මගින් නෙමෙයි. බෝට්ටවලින්. එම අවස්ථා මගහරින්න අපට නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක හමුදාවේ ආරක්ෂාව ලැබිලා තියනවා.

අපි සැලසුම් සහගතව ඉදිරියට යනකොට යම් යම් බාධා කිරීම් එනවා. එක් බාධා කිරීමක් තමයි මාධ්‍ය තුළින් විවිධාකාර වෙනත් මත ප්‍රකාශ කරන්න උත්සාහ කිරීම. ශ්‍රී ලංකා පොලිසිය විදිහට කියන්න කැමතියි අපට ලැබිලා තියන සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරන් මේ අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්න කටයුතු කරනවා. ඔවුන්ට මේ භූමිය තුළ ක්‍රියා කරන්න බැරි නිසා තමයි ඔවුන් විදේශගත වෙලා ඉන්නේ. ඔවුන්ගේ අනුගාමිකයො ක්‍රියා කරයි. ඒ තමයි මේ සිද්ධ වෙන්නේ. මේ ඉතිහාසය තුළ 2023, 24 සහ 25 වර්ෂවල මේ අපරාධවල ක්‍රමික වැඩිවීමක් තියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අපරාධ කල්ලි මරා ගැනීම පසුපස ඉන්නේ දූෂිත දේශපාලනය… ඔවුන් හඳුනාගෙන තියනවා… ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා….

Next Post

T-56 ගිනි අවියක් ගැන ඔත්තුවකට ලක්ෂ 10ක තෑග්ගක්… ඔත්තු දීලා ගොඩයන්න පොලිසිය ජනතාවට ආරාධනා කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.