අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම උනේ ඇයි ?… දසුන්ට ප්‍රශ්න පත්‍රයක්…

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Dasun-Shanaka
Share on FacebookShare on Twitter

අද මෙල්බර්න් හි පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වුණු තරඟයේදී ශ්‍රී ලංකාව පරාජයට විය. ඒ සම්බන්ධයෙන් නායක දසුන් ශානකට ‘නිව්ස් වයර්’ වෙබ් අඩවිය ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර තිබිණි. මේ එම ප්‍රශ්න 09ට දසුන් දුන්   පිළිතුරුය.

ප්‍රශ්නය  – ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය හොඳ එකක් වුණේ නෑ.. ඔබ කොහොමද තරඟය තක්සේරු කරන්නේ? ඇත්තටම කොහෙද වැරදුණේ..?

පිළිතුර  – මේක අපේ පළවෙනි තරඟය. මම හිතන්නේ අපි ඒ ගැන කනස්සල්ලට පත්වෙන්න ඕනේ නෑ.. අපි කනස්සල්ලට පත් වෙන්න ඕනේ අපි සෙල්ලම් කරපු විදිය ගැන. මම හිතන විදියට අපි මීට වැඩිය හොඳ කණ්ඩායමක්. නැමීබියාවේ පන්දු යැවීම ගත්තාම එයාලා හොඳ පන්දු යැවීමක නිරත වුණා.. අපේ පන්දු යවන්නන්ට ඒක කරන්න බැරි වුණා.

මම හිතන්නේ අපි ඉක්මණින් ඉගෙනගෙන ඊළඟ තරඟයේදී හොඳ තරඟයක් දෙන්න ඕනේ..
අනිත් දේ තමයි පිතිකරණය. අපි පවර්ප්ලේ එකේදී කඩුළු තුනක් අහිමි කර ගත්තා. ඒ වගේ තත්ත්වෙක 150ට වැඩි ලකුණු සංඛයාවක් හඹා යෑම ලේසි නෑ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මම හිතන්නේ සියලුම ගෞරවය හිමිවෙන්න ඕනේ නැමිබීයානු ක්‍රීඩකයින්ට වගේම එයාලගේ ක්‍රීඩා විලායට.

ප්‍රශ්නය  – ඔබේ පන්දු යවන්නන් මුල් පන්දුවාර 15 ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒත් ටිකෙන් ටික පන්දු යැවීම මන්දගාමී වුණා.. අන්තිම පන්දුවාර හතරේදී මොකද වුණේ..?

පිළිතුර – මම හිතන්නේ කෙටි සීමාවන් සමඟ ඔවුන් ඕනෑවට වඩා උත්සාහ කළා. ඔවුන් දිගටම නිවැරදි තැන පන්දුව පතිත කරලා කඩුල්ලටම බෝලය යැව්වා නම් මීට වැඩිය තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. නැමීබියා පන්දු යවන්නන් ඒක කලා..

ප්‍රශ්නය  – ළකුණු 93කදී නැමීබියාවේ කඩුළු හයක් දැවී ගිහින් තිබුණා. ඊට පස්සේ ඔවුන් ලකුණු 70ක් එකතු කර ගත්තා. ඒ වෙලාවේදී පන්දු යැවීමේ සිද්ධ වුණේ මොකක්ද..?

පිළිතුර – හයවෙනි කඩුල්ල බිඳ වැටුණට පස්සේ අපිට කරන්න තිබ්බේ ඊළඟ කඩුල්ල දවා ගන්නයි. මම හිතන්නේ අපේ පන්දු යවන්නන් කඩුලු දවාගන්න පන්දු යැව්වේ නෑ. අත්දැකීම් සහිත ක්‍රීඩකයින් විදියට අපි අවධානය යොමු කරන්න ඕනේ ඒ කරුණු ගැන. මම හිතන්නේ හැම කෙනෙක්ම අතලොස්සක් ක්‍රීඩා කරලා තියෙන නිසා පන්දුවට පහර දෙනවාට වැඩිය ඉක්මණට කඩුලු දවාගන්න ඉගෙන ගන්න ඕනේ.. අපි හතරේ හයේ පහරවල් ගහන්න පුළුවන් විදියට දුර්වල පන්දු ගොඩක් දැම්මා.
ප්‍රශ්නය  – ප්‍රේක්ෂකයෝ හිතනවා පැරදුණාට කමක් නෑ. දැන් කණ්ඩායමට පුළුවන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තේ වගේ කණ්ඩායම් මඟ ඇරලා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව සමඟ සෙල්ලම් කරන්න කියලා. ඔබ ඒ වගේ පියවරකට ලෑස්ති ද..?

පිළිතුර  – අපි ඉස්සරහදී සෙල්ලම් කරන සමූහය මොකක්ද කියලා අපි හිතන්නේ නෑ. මොකද ඊට කලින් ඒ සමූහයන්වලට එන්න අපි තරඟ දෙකක් දිනන්න ඕනේ. අපේ සම්පූර්ණ අවධානය තියෙන්නේ ඒ තරඟ දෙක ගැනයි. ඊළඟ වටයට තේරුණාට පස්සේ අපිට ඒවාට ගැලපෙන්න සැලසුම් කර ගන්න පුළුවන්..

ප්‍රශ්නය  – දසුන් අපිට කියන්න පුළුවන් ද ලහිරු කුමාර වෙනුවට ප්‍රමෝද මධුෂාන් වගේ කෙනෙක් තෝරා ගත්තේ ඇයි කියලා

පිළිතුර  – දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම ගැන මම ඇහුවොත් ඔයාලා හැමෝම ඒ ගැන දන්නවා. එක ජාත්‍යන්තර තරඟයක්වත් ක්‍රීඩා නොකර කණ්ඩායමට පරක්කු වේලා ආව ක්‍රීඩකයින් දෙදෙනෙක් ආසියානු කුසලාන අවසන් තරඟවලදී ප්‍රමෝද් මදුෂාන් හරි දිල්ෂාන් මදුෂංක හරි ක්‍රීඩා කරපු විදියට ක්‍රීඩා කරයි කියලා හිතන්න බෑ. ඒ වගේම තමයි ඔයා මගෙන් අහන්න පුළුවන් ඩිල්ෂාන් අනතුරකට මූණ දීලා ඉද්දී ඇයි මම ප්‍රමෝද්ව තියා ගත්තේ, දිල්ෂාන් මධුෂංක එළියේ තියලා ඇයි ළහිරුව ඇතුළට ගත්තේ කියලා. අන්න එතකොට අපිට ඒ ගැන තර්ක කරන්න පුළුවන්.

ප්‍රශ්නය  – ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් අද හිටියා. එයාලා ගෙවල්වලට ගියේ බලාපොරොත්තු කඩවෙලා. නැමීබියාව වගේ රටකට එරෙහිව ජයග්‍රහණය කරන්න බැරුව නෙදර්ලන්තයට හරි යූඒඊවලට හරි එරෙහිව දිනන්න පුළුවන් ද කියලා එයාලා හිතයි.

පිළිතුර – හැමෝටම ඕනේ ජයග්‍රහණය.  අපි කොහෙ ගියත් අපේ ප්‍රේක්ෂකයින් අපිට සහය දක්වනවා.. විශේෂයෙන් මෙල්බර්නවල ලොකු පිරිසක් හිටියා. අපිට කරන්න පුළුවන් දේ තමයි ඊළඟ තරඟ දෙක ජයග්‍රහණය කරන එක. ඒ තරඟ දෙකේදී හොඳ තරඟයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා..

ප්‍රශ්නය  – ඔබේ සූදානම් වීමේ ගැටළුවක් නිසා මෙහෙම තත්ත්වයක් ඇති වුනා කියලා හිතනව ද?

පිළිතුර  – ඇත්තටම නැහැ. අපි මෙහෙ ඉන්නේ ඔක්තොම්බර් 2 ඉඳලා. අපි ගොඩක් හොඳට සූදානම් වුණා.. ඒත් අපේ සැලසුම් වැඩ කළේ නෑ. අපිට ඒ ලකුණු ප්‍රමාණය ඉක්මවන්න බැරිවුණේ ඒකයි.

ප්‍රශ්නය  – පහුගිය කාලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ කණ්ඩායමක් කියලා පෙන්නුවා. රාජපක්ෂටයි ඔබටයි ලොකු වගකීමක් තිබ්බා. පහුගිය තරඟ නමයක දහයකදීම අසාර්ථක වුණු ගුණතිලකට ඉහලින් අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාල් වගේ කෙනෙක් හිටියා නම් මේ වගේ අධි පීඩනයක් සහිත තරඟයකදී   ඔබට හොඳ සහයක් වෙන්න තිබ්බා නේද?

පිළිතුර – මම හිතන්නේ ඔබ කතා කරන්නේ “නම්“ ගැන. “නම් “ ගැන කතා කරනවා නම් අපේ රටේ ඕනේ තරම් කට්ටිය ඉන්නවා.  ඒත් මේක එක පුද්ගලයෙකු හෝ පුද්ගලයින් දෙන්නෙක් ගැන දෙයක් නෙමෙයි. සම්පූර්ණ කණ්ඩායමක් ගැන. අපේ රටේ චන්දිමාල්, ඇන්ජලෝ වගේ ගොඩක් අය ඉන්නවා. ඒත් මේ වෙලාවේ අපේ සංචිතයෙ ඉන්න හොඳම විකල්පය තමයි චරිත් අසලංක. ඒ නිසා අපි කරන්න ඕනේ ඔහුව පැත්තට ගෙන ඉදිරි තරඟවලදී හොඳ දස්කම් දැක්වීමට වග බලා ගන්න එකයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ අපිට ආර්ථිකය හදන්න බෑ… මහින්දානන්ද නාවලපිටියේ දී ප්‍රසිද්ධියේ පිළිගනී!

Next Post

අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.