අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

by Lankasara News
මාර්තු 29, 2022
in පුවත්
iGreenData
Share on FacebookShare on Twitter

රැකියා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා iGreenData නමැති නව පරපුරේ තාක්‍ෂණ සමාගම විසින් මෑතකදී බඳවා ගනු ලැබූ ඉහළ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු, මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පසුගිය දින පැමිණිය හ. මෙල්බර්න් නුවර සිය මූලස්ථානය ස්ථාපිත කළ iGreenData සමාගම, 2018 වර්ෂයේ දී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ය. මෙම සමාගම බැංකු සහ මූල්‍ය සේවා යන අංශ කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්ලවුඩ්, දත්ත සහ පළමු පෙළේ ඩිජිටල් විසඳුම් පිළිබඳව අවධානය යොමු කරන සමාගමකි.

සිය මූලික වෙළඳපොළ, නිපුණත්වයෙන් යුත් සම්පත් සහිත වෙළඳපොළක් බවට පත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන සමාගමක් වන iGreenData සමාගම විසින් කෙටි කාලයක් තුළ බඳවා ගනු ලැබූ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, ශ්‍රී ලංකාවෙන් බඳවා ගත් පළමු කණ්ඩායම වේ. මෙම සමාගමේ සම-නිර්මාතෘ සහ සම-කළමනාකාර අධ්‍යක්ෂවරයා වන, මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆ්‍රෑන්ක් රාජකුලේන්ද්‍රන් මහතා මෙම හමුව අතරතුර සිදු කළ ප්‍රකාශයෙන් මේ බව අවධාරණය කෙරිණි. දක්ෂතා සහිත ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීම සඳහා මෙන්ම, මෙම බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා වැදගත් අවබෝධයක් ලබා දීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා දැරූ පරිශ්‍රමය, රාජකුලේන්ද්‍රන් මහතාගේ පැසසුමට ලක් විය.

දෙසීයකට අධික සංඛ්‍යාවකින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සුසැදි iGreenData සමාගම, 2020 වර්ෂයේ සහ 2021 වර්ෂයේ පැවති Deloitte Technology Fast 50 Australia සම්මාන උළෙලේ දී සහ 2021 වර්ෂයේ පැවති CRN Fast 50 Australia සම්මාන උළෙලේ දී ශ්‍රේණි හිමි කරගත් බව, එහි සම- නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස් සුන්දරම් මහතා ප්‍රකාශ කළේය. සිය පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා iGreenData සමාගම ඉන්දියාව තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළද සිය මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි.

මෙම ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් පිරිස කොන්සල් ජනරාල් කාර්යාලය වෙත සාදරයෙන් පිළිගත් කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එක් වර බඳවා ගැනීම සඳහා අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් iGreenData සමාගම වෙත සිය ස්තුතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව පුහුණු අංශය හා සබැඳි විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින්, මෙම පියවර කාලෝචිත මුලපිරීමක් වන බවද එතුමා සඳහන් කළේ ය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

කොන්සල් ඩයනා පෙරේරා මහත්මිය, iGreenData හි සම-නිර්මාතෘ සහ පාරිභෝගික සාර්ථකත්වය පිළිබඳ ප්‍රධානී ප්‍රවීන් පුරුෂෝතමන් මහතා සහ කුසලතා උපාර්ජන ප්‍රධානී ශිව් වේලු මහතා යනාදීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Share69Tweet43
Previous Post

අමු සොහොනක් කර  රුසියානුවන් අත් පත් කරගත්  මියුරු මරියුපෝල් නගරය…

Next Post

මාස්ක් දැමීම අනිවාර්ය නැති ඉන්දියාවේ ප්‍රාන්තය…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.