ඉන්දියාවේ මහරාශ්ඨ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් එළැඹෙන සෙනසුරාදා සිට සියලුම කොරෝනා වැලැක්වීම ගෙනතිබූ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් පොදු ස්ථාන වලදී මුඛ ආවරණ පැළදීමට අනිවාර්ය කර තිබූ නීතීන්ද මේත් සමඟම ඉවත් වනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී ආපදා වැලැක්වීමේ පනත ඔස්සේ කොරෝනා මර්ධනය කිරීමට ගෙන තිබූ නීති ප්රතිපාදනද ඉවත් කරගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
කෙසේවෙතත් ප්‍රාන්ත රජය විසින් ජනතාවට සැලකිලිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලිමක්ද කර තිබේ.
පසුගිය කාලයේදී ඉන්දියාව කොරෝනා වෛරසයෙන් විශාල ලෙස බැට කෑවද මේවන විට තත්ත්වය පාලනය කිරීමට සමත්ව ඇත.