මූලස්ථාන පොලිස් පරික්ෂවරුන් 04 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් ස්ථාන හයක පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි තනතුරුවලින් පහ කර සාමාන්‍ය රාජකාරිවල යෙදවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති වරු දෙදෙනෙකුට ද ස්ථාන මාරු ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්.එන්.ජී.ඕ පෙරේරා ජනාධිපති ආරක්ෂක දිසාව භාරව සිටියේය. ඔහු නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.
නියෝජ්‍ය පොලිස්පති ජි.අයි.ඩී.ආර්. විජේසිංහ බදුල්ල දිසාවේ සිට බස්නාහිර පළාත රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබේ.
විශේෂත්වය වන්නේ මේ මාරුවීම්වලින් දේශපාලනීකරණය වී ඇති පොලිස් සේවයේ තරම යම් ප්‍රමාණකට ප්‍රකාශවන බවත් මේ බොහෝ උසස් පොලිස් නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ලද පත්වීම් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
සාමාන්‍ය රාජකාරිවලට යැවූ මූලස්ථාන පොලිස් පරීක්ෂරුන් සිව්දෙනා වන්නේ ගාල්ල, තංගල්ල්, අම්බලන්ගොඩ හා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන්ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.ඩී. ද සිල්වා ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාතර කොට්ඨාසය වෙතත්, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වී.ඩබ්ලියු ඉන්ද්‍රජිත් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙත සාමාන්‍ය රාජකාරි සඳහාත්, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.කේ.පී විතානගේ සාමාන්‍ය රාජකාරි සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙතත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු.ඒ.ආර්.පෙරේරා මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණෑගල කොට්ඨාසය වෙතත් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර තිබේ.
සාමාන්‍ය රාජකාරි සඳහා කොල්ලුපිටිය, අහුංගල්ල. ඌරගස්මංහන්දිය, ගෝනපිනූවල, ගෝනගංආර, ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරුන් යොමු කර තිබේ.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජේ.ඩි.ගුණවර්ධන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැලණිය කොට්ඨාසය වෙතත් ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.කේ. හරිත් ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාතර කොට්ඨාසය වෙත මරු කර යවා තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ටී. ජයසේකර අහුංගල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කළුතර කොට්ඨාසය වෙතත්, ප්‍රධාන පොලිස් පරික්ෂක පී.ගුණසේකර ගෝනපීනුවල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාර සඳහා මාතර කොට්ඨාසය වෙතත් මාරු කර යවා ඇත.
ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පි.ඩබ්ලියු අරුණශාන්ත සාමාන්‍ය රාජකාරි සඳහා මිගමු කොට්ටාසයට ද , ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඒඩී.එස්.කේ ප්‍රේමරත්න ගෝණගංආර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට තංගල්ල කොට්ඨාසය වෙත සාමාන්‍ය රාකාරි සඳහා යවා තිබේ.







