නිරිත දිග යමෝසම් තත්ත්වෙ සක්‍රීයවීම නිසා, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා ද පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 -70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.5 ක් පමණ ඉහළ යා හැකියාවක් පවතී.
පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ තවදුරටත් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
එ බැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 ක කාලය තුල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර අම්බලන්ගොඩ පොලිස්වසමේ උස්මුදුනාව හන්දියේ සිට හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද හන්දිය තෙක්වූ මාර්ග දක්වා මාර්ගය මුහුදු රළ පැමිණීම නිසා තාවකාලිකව වසා දමා තිබේ.
මුහුදු වතුර හා වැලි, අපද්‍රව්‍ය, ආරක්ෂිත බැම්මේ තිබූ කළුගල් මාර්ගයට පතිත විම නිසා මේ මාර්ග කොටස වසා දමා ඇති බව පොලිසිය කියයි