කීර්ති ප්‍රනාන්දු –
මෝටර් රථය වන මහ මග සිටි වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරුකින් බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මේ වනවිට විශේෂ සත්කාර ඒකකට යොමු කර තිබේ.
ජැක්සන් ඇන්තනී, ඔහුගේ සොයුරු සමන් ඇන්තනි, සහ ඉරේෂ් ලක්මාල් නැමැති තරුණයෙක් සහිත තිදෙනෙක් ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ජල ටැංකියට නුදුරින් ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබිණි.
මෙම ස්ථානය වන අලි මාරු වන තැනකි. අද දිනයේ ගල්ගමු බුදුරුවකන්ද ප්‍රදේශයේ කළ චිත්‍රපට රූගත කිරීමකින් අනතුරුව ඔවුන් රාත්‍රියේ අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.
වන අලියාටත් තුවාලවී ඇති බව කියන පොලිසිය මේ වනවිට අලියා වේදනාවෙන් කෑ ගසනු ඇසෙන බව ප්‍රකාශ කළේය.