සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වේ යැයි බියෙන් නීති විරෝධී ගව ඝාතනාගාර වැටලූ පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිසියෙන් මාරු කරලා… 

by editor
නොවැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අළුත්ගම, දර්ගානගරය ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන යනු ලබන ගව ඝාතකාගාර දිගින් දිගටම ටැටලීම් සිදුකල අළුත්ගම පොලීසියේ  ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපතිධූරට දරූ  පොලිස් පරීක්ෂකවරයා   වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (19) දින සිට කළුතර පොලිස් ස්ථානයට මරු කර තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාත්,  ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපතිවරයාත්  දිස්ත්‍රික්කයේ ඉහළම පොලිස් බලධාරියෙක්  විසින් කැඳවා නීති විරෝධි ගව ඝාතකාගාර වැටලීම නවත්වන ලෙසට උපදෙස් දී ඇත.   නමුත් මෙම උපදෙස් නොතකා අළුත්ගම පොලීසිය විසින් නීති විරෝධී ගව ඝාතාකාගාර වැටලීම් දිගින් දිගටම සිදුකර තිබෙන බවද දැන ගන්නට තිබේ. 

මේ සම්බන්ධයෙන් අළුත්ගම පොලීසියේ අදහස වී ඇත්තේ උසස් පොලිස් නිලධාරීන් ලබා දී ඇති උපදෙස් නීත්‍යානුකූල නොවන බව යැයිද අළුත්ගම පොලීසියේ ඉහළම නිලධාරියෙක් සඳහන් කළේය. 

ඊයේ (19) දිනයේදී මෙම ගව ඝාතාකාගාර වැටලීම් සඳහා පොලිස් පරීක්ෂකවරයා ගිය අවස්ථාවේ දී  ඉහළ පොලිස් නිලධාරියෙක්    අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී ‘අර මිනිහට හරක් පස්සේ එලවන්නේ නැතුව ඇතුළට එන්න කියන්න’ යැයි දන්වා ඇතැයි අලුත්ගම පොලිසියේ ආංචි මාර්ග පවසයි.

අළුත්ගම, දර්ගානගරය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතාකාගාර 10 ක් පමණ පවත්වාගෙන යන බවත්  දර්ගානගරයට ආසන්න අධිකාරිගොඩ, මිහිරිපැන්න, වරාපිටිය යන ප්‍රදේශ වල මෙම ගව ඝාතාකාගාර තිබෙන බවත් අළුත්ගම පොලීසිය විසින් කරන ලද වැටලීම් වලදී තහවුරුකර ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

උක්ත පොලිස් පරීක්ෂකවරයා  අළුත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපති ලෙස පත් වීමෙන් පසු දිගින් දිගටම නීති විරෝධී ගව ඝාතකාගාර සම්බන්ධයෙන් වැටලිීම් සිදුකර තිබෙන බවත් පසුගිය සති දෙකක පමණ කාලයක සිට දින දෙක තුනකට වරක් වැටලීම් සිදුකර තිබෙන බවත් වාර්තා වේ. 

මෙම සියළු වැටලීම් අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ    පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි සිදු කර තිබෙන බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළුතර දිසාව බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.   

“මෙම ගව ඝාතකාගාර වැටලීම් පිළිබද දිගින් දිගටම පැමිණිලි ලැබුණා. මුස්ලිම් පල්ලි වලින් පවා අළුත්ගම පොලීසිය අසාධාරණ ලෙස වැටලීම් සිදුකරන බව දැනුම් දුන්නා. ගවමස් අනුභව කිරීම මුස්ලිම්වරුන් විශාල වශයෙන් සිදුකරනවා. මේ කියන ප්‍රදේශවල හරක් මස්කන පවුල් 500 ක් පමණ ඉන්නවා.“ 

“මෙම  පොලිස් පරීක්ෂකවරයා   දිනපතාම පාහේ මෙම වැටලීම් සිදුකරන බවටද මුස්ලිම් ප්‍රජාව චෝදනා කරනවා. උදේටත් යනවා, දවාලටත් යනවා, රෑටත් යනවා කියනවා. මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්නේ පාසැල් යන කුඩා ළමුන් පවා මේ පොලීසියේ පැමිණිමෙන් බියට පත්ව තිබෙන බවයි. ඒ නිසා මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට අපි පියවර ගත යුතුව තිබෙනවා.“

“මුස්ලිම් ප්‍රජාව මෙම පොලිස් පරීක්ෂකවරයාට පහර දෙන්න පවා සූදානමින් ඉන්න බවට අපිට දැන ගන්නට ලැබුණා. එහෙම වුණොත් එය පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලක් වෙනවා. අපි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නිලධාරීන් කැදවා අදාල වැටලීම් නතර කරන ලෙස උපදෙස් දුන්නා. එතන මමත් හිටියා. නමුත් වැටලීම් නතර වුණේ නැහැ. ඒ නිසා ස්ථාන මාරුව කරන්න සිදු වුණා.“  යැයිද  පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි අගල් කපන්න ගොස් ගැසූ අලි ගැහිල්ලක් ගැන විගණනය කියයි!

Next Post

කොවිඩ් කාලෙ දුන් සහන ඉවරයි… වට්ස්ඇප් වලින් එන ඖෂධ වට්ටෝරුවලට ඔසුසල්වලින්  බෙහෙත් නිකුත් කිරීම නැවැත්වීමට නියෝග!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.