ශ්‍රියානි විජේසිංහ –
කොවිඩ් වසංගත කාලය තුළ පෞද්ගලික ඔසුසල්වෙත ලබා දී තිබු සහනයන්, රට යථා තත්ත්වයට පත්වීමත් සමග ඉවත් කර ඖෂධ අධිකාරියේ රෙගුලාසිවලට අනුව කටයුතු කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව Whats App හරහා වෛද්‍ය වට්ටෝරු ඉදිරිපත් කර ඖෂධ ලබා ගත් වැඩපිළිවෙළි , කුරියර් ක්‍රම මගින් ඖෂධ බෙදා හැරීම මේ අනුව මුළුමනින්ම නතර වනු ඇති බව ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා පවසයි
කෙසේ නමුත් යම් රෝගියෙකුට වෛද්‍ය නිර්දේශයන් මත ඖෂධ නිවසට ගෙන ගොස් ලබා දෙන්නේ නම් ශීතකරණයක බහා ඖෂධවේදියෙකු විසින් ගෙන ගොස් ලබා දිය යුතු යැයිද අමිත පෙරේරා කියයි.
මීට අමතරව ඔසුසැලේ වායුසමීකරණ යන්ත්‍රය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීම , ඖෂධවේදියෙකු නොමැතිව ඖෂධ නිකුත් නොකිරීම, වෛද්‍යවරයාගේ බෙහෙක් වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් නොකිරීම ,සුදුසුකම්ලත් ඖෂධවේදියෙකු ෆාමසියතුළ සිටිය යුතුවීම, ඔහුගේ ලිපදිංචි සහතිකය හා ඡායාරූපයක් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය යැයි ද හෙතෙම පැවසිය.
මෙම නීති රීතී උල්ලංඝනය කරන ඔසුසැල් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ආහාර හා ඖෂධ පරික්ෂකවරු සඳහන් කරති.