පාකිස්ථානයේ ගිල්ගිට් බල්ටිස්ටාන්ස් ඩයමර් දිස්ත්‍රික්කයේ කාන්තා පාසැලක් ගිනි තැබීම සම්බන්ධයෙන් කම්පනයට පත් පාකිස්ථානයේ මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.
ඩයමර් හි පාසැල ගිනි තබා සතියක් ගෙවී යද්දි ගිසර් දිස්ත්‍රික්කයේ තවත් කාන්තා පාසැලකට පිරිසක් ගිනි තැබීමට ද පිරිසක් උත්සාහ කර තිබේ. එහෙත් දොර පමණක් ගිනි ගන්නා විට එම ගින්න මැඩ පවත්වා ගැනීමට පිරිස සමත් වී ඇත. එරට මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට මෙම සිදුවීම් දෙකටම ‘ත්‍රස්තවාදීන්’ වගකිව යුතු අතර අධ්‍යාපන ආයතනවලට ආරක්ෂාව ලබා දෙන බවට ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් ප්‍රකාශ කර තිබේ.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන පාකිස්ථානයේ මානව හිමිකම් කොමිසම, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක ගන්න යැයි ගිල්ගිට් බල්ටිස්ටාන් රජයෙන් ඉල්ලා සිටියි.
දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක ගනිමින් සෑම පාසැලකටම කෙටි කාලයකට හෝ ආරක්ෂාව සපයන්න. ඊට අමතරව පාසැලේ පරිශ්‍රයේ ආයෝජනය කිරීම්. පහසුකම් හා පුහුණු ගුරුවරුන් පාසැලට යොදවන්න.. ඊට අමතරව කාන්තා අධ්‍යාපනයට පමණක් නොව කාන්තාවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ නිදහසට ද ඉඩ දෙමින් අන්තවාදය මැඩලීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ලබා ගන්න..” සිය නිවේදනය මඟින් මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ.