සූර්ය පැනල භාවිතය මඟින්, මේ වසරේ පළමු කාර්තුවේදී ඉන්ධන වියදමෙන් ඩොලර් බිලියන 4.2ක් ඉතුරු කර ගැනීමට ඉන්දියාව සමත් වී ඇතැයි ‘ඒඑන්අයි’ පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාව ගල් අඟුරු සඳහා විශාල මුදලක් වැය කළ බවත් ඒ නිසාම බලශක්ති අර්බුදයකට මුහුණ පෑ බවත් ‘එනර්ජි තින්ක් ටැන්ක් එම්බර්’ වාර්තාව පවසා තිබේ. කෙසේ වෙතත් ඉන්ධන සඳහා වැය වන මුදලින් ඩොලර් බිලියන 4.2 ක් ඉතිරි කර ගැනීමට රට සමත් වී ඇති බව ද එහි සඳහන්ය.
බලශක්ති සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර ඇති තින්ක් ටෑන්ක් වාර්තාවට අනුව බොහොමයක් රටවල් බලශක්ති සංවර්ධනය සම්බන්ධ සැලසුම් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඉන්ධනවලට යන වියදම සෑම රටකම පාහේ විදුලි මිල ඉහළ යෑමට බලපෑමයි. ඉතා මිල අධික පොසිල ඉන්ධන මූලික කර ගත් ඉන්ධන වෙනුවට සූර්ය ශක්තිය භාවිතා කිරීමට බොහොමයක් රටවල් තීරණය කර ඇත. ඉන්දියාව මේ වන විටත් එම තීරණය ක්‍රියාත්මක කරමින් සිටින අතර සූර්ය බලශක්තිය ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද එම වාර්තාව සඳහන් කරයි.