නැගෙනහිර කොළඹ මූලික රෝහල ( මුල්ලේරියාව) කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද දැඩිසත්කා ඒකකය සතුව පවතින ඇඳන් 8ම කොවිඩ් අසාධ්‍ය රෝගීන් ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළාය.
ආසාදිත කොවිඩ් රෝගීන් වෙනත් රෝහල් වලින් මාරුකර මුල්ලේරියා රෝහල වෙත එවන බවත් ඔවුන් රෝහල වෙත එන විටම ඔහුන්ගෙන් බහුතරයකට හුස්මගැනීම අපහසුතාවෙන් පෙළෙන බවත් සඳහන කරන මෙම ප්‍රකාශකයා, මෙම රෝගීන්ට ඔක්සිජන් පහසුකම් ලබා දීම ඉතා අත්‍යවශ්‍ය කරුණක උවද රෝහල තුළ ඔක්සිජන් සිලින්ඩර් ප්‍රමාණවත් පරිද් නොනොමැති වීමෙන් රෝගීන් දැඩි අසීරුවකට පත්විය හැකි බවද සදහන් කළේය.
රෝහලේ දෛනික අවශ්‍යතාව ඔක්සිජන් සිලින්ඩර් 150 වුවද මේ වන විට රෝහලම සතුව පවතිනුයේ සිලින්ඩර් 80ක් යැයිද හෙතෙම පැවසීය..