දිනසේන රතුගමගේ –
කොටි සංවිධානයට යළි පුනර්ජීවය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ කිරීමට උසිගැන්වෙන අදහස් ඇතුළත් ලිපියක් ලියා පල කළැයි චෝදනා කර පොලිසි ත්‍රස්තමර්දන ඒකකය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගෙන් ඊයේ (17 ) පැය හය හමාරකට වඩා ප්‍රශ්න කොට තිබේ.
ඔහුගේ වෙබ් අඩවිය ඇතුළු බොහෝ මාධ්‍ය ක්‍රියාකාරකම් ගැන මේ ප්‍රශ්න කිරීමට ප්‍රස්තුත කර ඇත.
මුලතිව් මාධ්‍ය සංගමයේ සභාපති සහ ස්වාධීන මාධ්‍යවේදියෙකු වන ගණපතිපිල්ලෙයි කුමනන් ගෙන් මෙසේ ප්‍රශ්න කොට ඇති අතර ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ යළි සැලකිල්ලට ගැනීමෙන් පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊළගට ගන්නා පියවර තීරණය කරණ බව පොලිස් ත්‍රස්ත මර්දන අංශ කියා සිටියි.
මුලතිව් අලම්පිල් පොලීසියේ පිහිටි ත්‍රස්ත මර්දන ඒකකයේදී ඒ ප්‍රශ්න කිරීම සිදු වූ අතර ඊට මුහුණ දීමට පැමිණි ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමනන් නීතිඥවරයෙකු සමග එම ස්ථානය වෙත පැමිණ සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







