වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව හිටපු අමාත්‍යවරයෙක් වන මනූෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ අනිද්දා (20) පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි වකවානුවේදී අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙසේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, පියසේන ගමගේ සහ හිටපු මහ ඇමැතිවරයෙක් මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ද වන මහීපාල හේරත්ගෙන් ද ද පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්නකර තිබුණි.
දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු වේ. ඒ අයගෙන් වැඩි දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වෙන්නේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අතර පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් ද ඇමැතිවරුන්ද රැසක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)







