දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයෙන් හමු වී ඇත්තේ පැති අටකින් යුත් ශිවලිංගයක් නිසා එම ස්ථානයේ ශිව කෝවිලක් ඉදිකොට පළාතේ හින්දු ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස් මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ටී.රවිහරන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා දිසාපති කාර්යාලයෙන් 18 දා ඉල්ලීමක් කොට තිබේ.
මේ ස්ථානයෙන් හමු වී ඇත්තේ ශිව ලිංගයක් නොව බෞද්ධ නටබුන් වලට අනුව යූප ගලක් බව පුරා විද්‍යා නිලධාරීන් ඇස් මට්ටමේ පරීක්ෂාවකින් පවසන නමුත් එහි සැබෑ පසුබිම පිළිබඳව උතුරේ හා ඉන්දියාවේ ඉතිහාසඥයෝ එය ශිව ලිංගයක් බව ප්‍රකාශ කරන බැවින් හින්දු ජනතාවට ඒ ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමටත් වන්දනාමාන කිරීමටත් අවස්ථාව හිමි වියයුතු බව උතුරු පළාත් සභාවේ ටී.රවිහරන් හිටපු මන්ත්‍රීවරයා ලිපියක් මගින් දිසාපතිවරයාව දැනුවත් කොට තිබේ.
මේ ස්ථානය අතීතයේදී ආදී ශිවන් අයියනාර් කෝවිල වශයෙන් හැඳින් වූ ප්‍රදේශය වන බව සඳහන් කරණ හිටපු මන්ත්‍රීවරයා යුද්ධයෙන් එම කෝවිල විනාශ වූ පසුව නටබුන් වී ඇති බවද ලිපියේ සඳහන් කොට ඇත.
දිසාපතිවරයාට යොමු කළ ලිපිය මේ වන විට මුලතිව් සංස්කෘතික නිලධාරීවරයා වෙත යොමු කොට වාර්තාවක් කැදවා තිබේ.









