කීර්ති ප්‍රනාන්දු –
පළාත් පාලන ඡන්ද විමසිම දෙවැනි වරටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත ඉදිරි මැතිවරණ දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම පවසය.ි
මෙම සියලුම තත්ත්ව සලකා බලා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ඇති බව කොමිසම කියයි.
ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත එකී ඡන්ද විමසීම කල්දැමීමට සිදුවූ බව කොමිසම පැහැදිලි කරයි.
මැතිරණය පැවැත්වීමට දින කියම කර තිබුනේ 2023 අප්‍රේල් මස 25 වනදාය.