බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

X-Press Pearl නඩුව සිංගප්පූරුවට අරන් ගියේ විහින් පරදින්න ද?. විශේෂඥයෝ ප්‍රශ්න කරති…

by editor
අප්‍රේල් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

X-Press Pearl නැව විනාශ වීම සම්බන්ධව  නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීම ඉතා වියදම් අධික හා ලංකාවට අවාසි සහගත තත්වයක් බව සමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසයි.

ඔහු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මෙසේ පවසා තිබිණි.

“අපිට සෑහෙන වාසිදායක විදියට අපේ නීති පද්ධතිය සකස් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු දාන්න. එහෙම තියෙද්දි සිංගප්පුරුවේ නඩු දාන්නේ ඇයි කියන එක ඉතාමත් ලොකු ප්‍රශ්නයක්. මේකට හේතු කාරණා විදියට රජයේ පාර්ශව කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ අයිතිකාරයා සහ අදාළ නැව් සමාගම තියෙන්නේ සිංගප්පුරුවේ හින්දා ඒ අයට නෝටිස් දෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි නිසා එහෙම කරනවා කියන එක. ඒ වුනාට ලංකාවේ නඩු දැම්මා කියලා ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”

“සිංගප්පුරුව ජාත්‍යන්තර ප්‍රඥප්පති කිහිපයට අත්සන් කරලා තියෙනවා අපි අත්සන් කරලා නැති. එතකොට සිංගප්පුරුවේ නඩු දැම්මොත් නැව් අයිතිකාරයට පුලුවන් වෙනවා එයාගේ වගකීම සීමා කරගන්න. එහෙම තියෙද්දි මොකට ද අපි අවදානමක් ගන්නේ අපි සිංගප්පුරුවට ගිහිල්ලා. මොකද නඩුව පැරදුනොත් අපරාදේ අපි ඒ වෙනුවෙන් කරන වියදම.” යැයි ආචර්ය ඩෑන් මාලික බීබීසී සිංහල සේවයට පැවසීය.

වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීමෙන් විශාල වියදමක් වැය වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“මම හිතන්නේ නීතිඥ සමාගමට අපි ගෙවනවා ඩොලර් මිලියන 4.5 ක්ද කොහෙද, ඊට අමතරව අපි සාක්ෂිකාරයෝ ගෙනියන්න, එයාර් ටිකට් දෙන්න, එතකොට එලවන්ස් ඔක්කොම එක්ක බැලුවොත් අපි ඉල්ලන වන්දියට වඩා ඩොලර් ප්‍රමාණයක් වියදම් කරනවා නඩු දාන්න. ලංකාවේ දී සත පහක්වත් වියදම් යන්නේ නැතුව මේක කරගන්න පුලුවන්කම තියෙද්දි ඇයි සිංගප්පුරුවේ නඩුව දාන්නේ කියන එක ප්‍රශ්නයක්”

එංගලන්තයේ නඩු පැවරීම වාසිදායකයි…

වන්දිය ගෙවීමට සිදුවුවහොත්, වන්දි ගෙවීම සිදු කරනුයේ නැවේ රක්ෂණ සමාගම බව කී ආචාර්ය ඩෑන් මාලික ඒ අනුව රක්ෂණ සමාගම අයත් එංගලන්තයේ නඩු පැවරීම සිංගප්පුරුවේ නඩු පවරනවාට වඩා වාසි දායක බව ද කියා සිටියේය.

“ලංකාවේ නඩු ඇහුවොත් ඒක එංගලන්තයේ ක්‍රියාත්මක කර ගැනිමේ හැකියාව අපිට තියෙනවා. මොකද එංගලන්ත හා ලංකාව පාර්ශවකරුවන් වෙනවා ජාත්‍යන්තර නීතියෙන්. එතකොට ලංකාවෙන් ලබා දුන්න තීන්දුව එංගලන්තයේ ක්‍රියාත්මක කිරිමේ බලය අපිට හම්බ වෙනවා. එහෙම එකක් සිංගප්පුරු නීතියේ නැහැ.” යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිංගප්පුරුවේ නඩු පවරා එය පරාජයට පත් වුවහොත් නැවත වාරයක් ලංකාවේ හෝ නඩු පැවරීමට හැකියාවක් නොමැති බව ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් ලබා දෙන බවට නිශ්චිත දිනයක් තහවුරු වූ පසු මැතිවරණ දිනය ප්‍රකාශ කරනවා… මැකො කියයි!

Next Post

හිටපු මන්ත්‍රීගේ සහෝදරයා අවුරුදු 10ක් තිස්සේ හොරට විදුලිය අරන්…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.