සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුග්ධ රියදුරෙකුගේ නොසන්ඩාල රිය ධාවනය  ජීවිත දෙකක් අහිමි කළ හැටි මරණ පරීක්ෂණයේ දී හෙළි වෙයි…

by editor
පෙබරවාරි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

  • අධිවේගී මාර්ගයේ ගමන් කරන වේගයෙන්ම පින්නදූව දෙවට පිවිසුම් මාර්ගයේ ගමන් කිරීම නිසා එම මාර්ගයේ රිය අනතුරු විශාල ලෙස වැඩි වෙලා… මරණ පරීක්ෂකවරයා පවසයි….

 යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙද්දී ඉදිරියෙන්  පැමිණි කාර් රථයක්   යතුරු පැදියේ ගැටීමෙන් සිය පුතා සහ මුණුපුරා මිය ගිය  බව පසුව දැනගත්තේ යැයි දක්ෂිණ අධිවේගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ  නුගදුව ප්‍රදේශයේ දි වු අනතුරකින් මියගිය පිය පුතු දෙපලගේ හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින් කලුආරච්චිගේ රමණි ධම්මිකා   (62) නැමැත්තිය    සදහන් කළාය.

මෙම අනතුරෙන් සාක්ෂිකාරියගේ පුතා සහ මුණුපුරා මියගොස්  තිබුණි. මියගිය පිය පුතු දෙපලගේ  හදිසි මරණ පරික්ෂණය  ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක   විසින් ගාල්ල කරාපිටිය ජාතික   රෝහලේ දි  පවත්වනු ලැබිය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොඩඅමුණේ විතානගේ පුෂ්පකුමාර (37) සහ ගොඩඅමුණේ විතානගේ උමේෂ් ධනංජය   (16) නැමති වලහන්දුව ඉදිගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම අනතුරෙන් 16 හැවිරිදිවියේ පසුවන  පාසල් සිසුවෙකුද බරපතල තුවාල ලබා ඇති අතර ඔහු ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම අනතුරෙන් මියගිය ගොඩඅමුණේ විතානගේ උමේෂ් ධනංජය   මෙම මස 17 වැනිදින ආරම්භවන  අ.පො.ස සාපෙළ විභාගයට පෙනීසිටමට සුදානමින් සිටි සිසුවෙකි. ඔහු තම පියා සහ මිතුරකු සමග යතුරුපැදියෙන්  කොත්තුවක් රැගෙන ඒම සදහා දෙවට ප්‍රදේශයේ වෙළදසැලක් වෙත ගොස් ඇත. දෙවට ප්‍රදේශයේ සිට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි  ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවි ඇත. මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වි ඇති බැව්   පරික්ෂණවලදීඅනාවරණය වි ඇත.

අනතුර සිදුකල මෝටර් රථය…

 සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේද කිවාය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“මියගොස් ඇත්තේ මාගේ හතරවැනි පුතා  සහ මුණුපුරා.  පුතාගේ  වයස අවුරුදු 37යි.     මියගොස් සිටින මගේ මුණුපුරා  ඔහුගේ වයස අවුරුදු 16යි. දරුවාට වයස අවුරුදු 07ක් පමණ වනවිට  පුතාගේ බිරිය  පුතා සහ මුණුපුරා අත්හැර ගියා. පසුව ආරංචිවුනා ලේලි විදේශගතවි ඇති බව. මුණුපුරා හදාවඩා ගත්තේ මමයි. මුණුපුරා මානවිල උපනන්ද විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබුවා.  

පසුගිය 05 වැනිදින පුතා සහ මුණුපුරා පුතාගේ යතුරුපැදියෙන් දෙවටට යනවා කියලා රාත්‍රි 7.00ට පමණ නිවසින් පිටත්වුනා. රාත්‍රි 9.00ට පමණ මම දුරකථනයෙන් කථා කළා. මුණුපුරා කිවා අපි මේ එනගමන් කියා. රාත්‍රි 10.00ට පමණ අසල්වැසියන් දැනුම් දුන්නා පුතාලා අනතුරකට ලක්වෙලා කියලා.

මම අනතුරවු ස්ථානයට ගියා. දෙදෙනාම රෝහලට රැගෙන ගොස් ඇති බව දැනගත්තා. පුතාලා යතුරුපැදියෙන්  නිවස බලා  එනවිට ඉදිරිපසින්  පැමිණි කාර් රථයක්  පුතාලා ගමන්කළ දිශාවට ධාවනය වි  යතුරුපැදියේ ගැටිමෙන්  මෙම අනතුර සිදුවි ඇති බව පසුව දැනගත්තා.  මම රෝහලට ගියා. පුතා රෝහලට  රැගෙන එනවිට මියගොස් සිටි බව දැනගත්තා. මුණුපුරා හදිසි  ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. මුණුපුරා කථා කළේ නැහැ සිහිය තිබුණේ නැහැ. පසුව මුණුපුරාද මියගිය බව දැනුම් දුන්නා.”

ගොඩඅමුණේ විතානගේ චමින්ද කුමාර  නැමැත්තාද සාක්ෂි ලබා දුන්නේය. මෙම අනතුර සම්බන්ධයෙන් සුඛෝපභෝගි මෝටර් රථය පැදවු ව්‍යාපාරිකයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. 

සැකකාර ව්‍යාපාරිකයා ගාල්ල කටුගොඩ ප්‍ර දේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු මිට සති දෙකකට පමණ ඉහතදි විවාහ වි ඇති අතර  සිය බිරිද සමග සාප්පු සවාරිගොස් ආපසු එමින් සිටියදි  මෙම අනතුර සිදුවි ඇත. 

පොලිසිය  විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු විෂමත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පරික්ෂාවට ලක්කොට ඇති අතර ඔහු මත්පැන් පානය කොට  නොමැති බව පරික්ෂණයේ දි අනාවරණය වි ඇත. මෙම අනතුර සිදුවිමෙන් පසු මෝටර් රථය මිටර් 190ක් පමණ දුරට ධාවනය වි නතර වි  තිබු බව පොලිසිය පවසයි.

අනතුරට ලක් වූ යතුරුපැදිය…

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන්කරණ වේගයෙන්ම පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ද  මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කිරීම සහ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා   වටිනා ජිවිත දෙකක් අහිමි වි ඇති බව හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක   මරණ පරික්ෂණය පවත්වමින් සදහන් කළේය. 

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කරන බෝහෝ රියදුරන් අධිවේගි මාර්ගයේ ගමන් කරණ වේගයෙන්ම පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ද අධික වේගයෙන් රියපැදවිම නිසා මෙම මාර්ගයේ  පසුගිය කාලයේ අනතුරු රැසක් සිදුවි ඇති බවද හෙතෙම කීවේය.

මියගිය පිය පුතු දෙපලගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි   එස්. මදුවන්ති ජයසිංහ   විසින් සිදුකළ අතර සාක්ෂි මෙහෙයවිම අක්මිමන පොලිසියේ  පො සැ. 35209 රෝහිත   විසින් සිදුකරණු ලැබිය.

ඉදිරිපත් වු සාක්ෂි  හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  මරණයට හේතුව සම්බන්ද තීන්දුව පසුවට තබා මෝටර් රථයේ රියදුරු තමන් මරණ පරික්ෂණ අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස පොලිසියට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර නගර සභාවට තරග වැදුන සජබ අපේක්ෂකයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ව්‍යාර්ථ වෙයි!

Next Post

කතානායකවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම තීරණය කරයි… නියෝජ්‍ය මහලේකම් ගැන විමර්ශනත් ඒ සමගම…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.