සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරන්න ඇවිත් තියෙන්නේ පුතාව… තාත්තටයි දුවටයි වෙඩි තියලා ගිහින්… මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 05ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

  • පුතා හොයාගෙන ඇවිත්… පුතාගෙ කෝ ඇහුවාම එළියට ආව තාත්තටයි දුවටයි වෙඩි තියලා…  මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රතික්ෂේප කිරීම නිසා වෙඩි තබා ඇති බව හෙළි වෙයි…

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා එහි සිටි පියෙකුට සහ දියණියකට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු මීටියාගොඩ පොලීසිය ඊයේ (16) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක කුමාර   වෙත අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සොයිසා මාවත කිරලගහවෙල මිටියාගොඩ ලිපිනයේ පදිංචි කලහගේ නිලන්ත සුදේශ් නන්දන (37), මහවත්ත මීටියාගොඩ ලිපිනයේ පදිංචි පැටිඅරඹගේ අනුර පුෂ්ප කුමාර (33), හගරන්වත්ත, මැටිවල, මීටියාගොඩ ලිපිනයේ පදිංචි ඉලන්දාරිදේව අදීෂ රෂ්මික (19), අළුත්වල පාර අම්පේගම පදිංචි මධුසංඛ දේශප්‍රිය වීරසිංහ (24) සහ ගල්කන්දවත්ත කිරලගහවෙල මීටියාගොඩ ලිපිනයේ පදිංචි රන්පටිදේව තුෂාර පුබුදු සම්පත් (33) නැමැති 05 දෙනාය.

සැකකරුවන් විසින් වෙඩි තැබීමට යොදා ගන්නා ලද මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06 ක්, ජීව අත් බෝම්භයක් සහ අයිස් මත් දව්‍ය මිලිග්‍රෑම් 11250 ක් සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. සැකකරුවන් අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගන්නා ලද බවද මීටියාගොඩ පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ, බලිමුල්ල ලිපිනයේ පදිංචි රවීන්ද්‍ර ගුණතිලක (49) සහ ඔහුගේ දියණිය වන රම්‍යා ගුණතිලක (29) යන දෙදෙනාය. වෙඩි වැදීමෙන් පසු දෙදෙනාම බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර දියණිය වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙන බව මිටියාගොඩ පොලීසිය කියයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම වෙඩි තැබීම පෙරේදා (15) රාත්‍රි 9.20 ට පමණ සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රවීන්ද්‍ර ගුණතිලක නැමැති අයගේ බඩට, පපුවට සහ කකුලකටත්, රම්‍යා ගුණතිලක නැමැති අයගේ කකුලකටත් වෙඩි වැදී තිබුණ බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයි මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ හිස් පතුරම් කොපු 04 ක්ද මීටියාගොඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

වෙඩි වැදී තුවාල ලැබූ රවීන්ද්‍ර ගුණතිලක නැමැති අයගේ පුතා වන නුවන් ගුණතිලක නැමැති අය සොයා ගෙන වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවත් එම අවස්ථාවේදී පුතා නිවසින් එළියට පැමිණ නොමැති බවත් මීටියාගොඩ පොලීසිය කියයි. නුවන් ගුණතිලක පිළිබදව විමසූ විට නිවසින් එලියට පැමිණි පියාට සහ දියණියට වෙඩි තබා වෙඩික්කරුවන් පලාගොස් තිබෙන බවත් සිද්ධියට මත් දව්‍ය ජාවාරමක් පිළිබදව ගැටලුවක් හේතු වී තිබෙන බවත් පරීක්ෂණ වලදී අනාවරණය වූයේ යැයි මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. 

නුවන් ගුණතිලක නැමැති අයට මත් දව්‍ය ජාවාරම් කිරීමට පවසා ඔහු ඊට අකමැති වීමක් සම්බන්ධ ගැටලුවක් මෙම වෙඩි තැබීමට හේතු වී තිබෙන බවද පරීක්ෂණ වලදී තහවුරු වූ බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. 

වෙඩි වැදීමට ලක් වූ රවීන්ද්‍ර ගුණතිලක නැමැති අයට එරෙහිව බළපිටිය අධිකරණයේ මත් දව්‍ය නඩුවක්ද විභාග වෙමින් තිබෙන බවද මීටියාගොඩ පොලීසිය කියයි.

මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ගායාන් සහ සනත් මෙන්ඩිස්  ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මට එරෙහි චෝදනා හැකි ඉක්මනින් විමර්ශනය කරන්න… නාමල් සීඅයිඩි එකෙන් ඉල්ලයි!

Next Post

අලුත් කථානායකවරයෙක් සමග අද පාර්ලිමේන්තුවේ වැඩ වෙන විදිහ…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.