තමන්ගේ නීතිඥ භාවය සම්බන්ධව මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව නීතිඥ නාමල් රාජපක්ෂ අද පැවසුවේය.
ඔහු එසේ පැවසුවේ ඔහු සමග නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටි සිසුවෙක් නාමල් රාජපක්ෂ එම විභාගයට ඉදිරිපත් වූ සදාචාර විරෝධී සහ ප්‍රශ්නකාරී තත්ත්වය වාචිකව සහ ලිඛිතව ප්‍රශ්න කරමින් ඉදිරිපත් කළ චෝදනා පිළිබඳව සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල ගැන මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමිනි.
නාමල් රාජපක්ෂ මෙසේ ද කීවේය.
මම සතුටු වෙනවා. එක්තරා මහත්මයෙක් ගිහින් සීඅයිඩී එකේ පැමිණිල්ලක් දාලා තියනවා පරීක්ෂණයක් කරන්න කියලා. ඉතින් යහපාලන ආණ්ඩුව ආපු වෙලාවෙත් ඔය ආකාරයෙන්ම පරීක්ෂණයක් කළා.
මමත් පොලිසියෙන් සීඅයිඩී එකෙන් ඉල්ලන්නේ ඔය පරීක්ෂණය කඩිනමින් කරන්න. මොකද චෝදනාව නාමල් රාජපක්ෂට නෙමෙයි එන්නේ. පේපර් එක හැදුවේ අපේ තාත්තා නෙමෙයි. නිති විද්‍යාලයෙන්. ඒ චෝදනාව එන්නේ නීති විද්‍යාලයට.
නාමල්ට තියන චෝදනාව වාචිකව ඉදිරිපත් කරන දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න පහත වීඩියෝවේ..







