සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපහාස කළ උන්ට දඬුවම් ඉල්ලන් උපාධි සහතිකයත් රැගෙන විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි සයිබර් ක්‍රයිම් එකට යයි!

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ව්‍යාජ ලෙස ඉංජිනේරු නාමය අවභාවිතා කළ ඉංජිනේරු උපාධිය නොමැති පුද්ගලයෙක් බවට සයිබර් අවකාශය පුරා වාර්තා කරමින් සාපරාධී අපහාස කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා සිය ඉංජිනේරු උපාධි සහතිකයත්, ඊට ආවරණ ලිපියක් ලෙස පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ලේඛකාධිකාරීවරයා විසින් ලබා ගත් උපාධිය සහතික කිරීමේ ලිපියකුත් සහිත පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණ විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි අද (16) පැමිණිල්ලක් ගොනු කළේය.

ඔහු අද ප්‍රකාශ කළේ විපක්ෂය ප්‍රචාරය කළ ලෙසම තමන් ඉංජිනේරුවරයෙක් නොවන බව ඔප්පු කළහොත් ඒ මොහොතේ සිට දේශපාලනයෙන් ද සමුගන්නා බවය.

තමන්ට පමණක් නොව 34 දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අන්තර්ගතයන් සම්බන්ධ ගැටලු ඇති බව කී අමාත්‍ය කුමාර ජයකොඩි අද අධිකරණ ඇමතිවරයා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව පෙන්වා දුන්නේය.

තමන් විශ්වාස කරන පරිදි මේ දියත්ව ඇත්තේ සැලසුම් සහගත සාපරාධී ක්‍රියාවක් බවය. මේ කිසිවක් රජයක් ලෙස සැහැල්ලුවෙන් නොගන්නා බව ඇමතිවරයා අවධාරණය කළේ සිය උපාධි සහතිකය මාධ්‍යයටද ඉදිරිපත් කරමිනි.

පරිගණ අපරාධ විමර්ශන ඒකකයට පැමිණි අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

“සමාජ මාධ්‍ය ජාලා විසින් සහ පුවත්පත් විසින් ජාතික ජන බලවේගයේ තනතුරු දරන ඇමතිවරුන්ගේ සුදුසුකම පරීක්ෂා කිරීමේ සහ ඒ පදනම් කරගෙන අපහාස කිරීමේ ලොකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව දවස් කීපයක සිට ඉඳන් මගේ ඉංජිනේරු වෘත්තිය ගැන සහ මට උපාධියක් නැති බව කියමින් මා වෙත දිගින් දිගටම අපහාස කරනවා .”

“අපි පක්ෂයක් විදිහට තීරණය කළා පරාජිත දේශපාලකයින්ගේ අසාර්ථක ව්‍යාපෘති රටට හෙළි කරන්න. මගේ උපාධි සහතිකයත් මම රැගෙන ආවා. මම ඉංජිනේරුවෙක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. අපි වෘත්තියෙන් ද සුදුසුකම්වලින් ද අපේ වෘත්තීය භාවය සම්පූර්ණ කරලා තියනවා. ඒ අනුව මම අද පැමිණිල්ලක් කරනවා පරිගණක අපරාධ විමර්ශන අංශයට මේ ගැන හොයා බලලා මේ බොරු පතුරුවමින් ජනතාව මුලා කරන අය ගැන සොයා බලන්න කියලා. සමහර අය ජනතාව මුලා කරලා රටින් පැනලා ගිය අය. ඒ අය ගැන හොයලා බලලා ඒ ගැන කටයුතු කරන්න කියලා.”

“මොකද අපි වංචා කරලා ඇවිල්ලත් නෑ. බොරු සුදුසුකම් පෙන්නලා ඇවිල්ලත් නෑ. මොකද මගේ විතරක් නෙමෙයි… 34 දෙනෙකුගේ සුදුසුකම් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතුළත් වී ඇති ආකාරය සම්බන්ධව ගැටලුවක් ඇති වී තිබෙනවා. මෙය යම් සැලසුමක් ද කියන සැකයක් පහළ වෙලා තියනවා. අපි අලුත් වුනාට මෙතන පාර්ලිමේන්තුවෙ ඉන්න ගොඩක් අය පළපුරුදු අය. තිස් ගණනක වැරදි වෙලා තියනවා නම් ඒක ලොකු දෙයක්. හිටපු මැතිවරණ කොමසාරිස් තුමාත් මම ගැනත් සඳහන් කරලා තියනවා. මම පාර්ලිමේන්තුවට දීලා තියෙන්නෙ උපාධි අපේක්ෂකයෙක් කියලාලු. මට වැරදිලාවත් එහෙම වෙන්නේ නෑ. මම උපාධිය අරන් තියෙන්නෙ මීට අවුරුදු විසි ගණනකට කලින්. උපාධි සහතිකය දැන් මගේ අතේ තියනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෙජිස්ට්‍රාට කියලත් මම ඒක තහවුරු කරගත්තා. මම ඉංජිනේරු ආයතනයේත් සමාජිකයෙක්. මටත් හිතනවා මේක සැලසුම් සහගතව පරාජය දරාගන්න බැරි දේශපාලකයින්ගේ අසාර්ථක ව්‍යාපෘතියක් කියලා.”

“ඒක ජනතාවට තහවුරු කරන එක අපේ වගකීමක්. මොකද අපි ජනතාවට බොරු කියලවත් බොරු කරලාවත් නෑ. මේවා දඬුවම් කරන්න ඕන වරදවල්. බොරු නම් වලින් පිටරට ජිවත් වෙමින් තමයි මේ වැරදි කරන්නෙ. අපි මේ සියලු දේ නීතියට භාර කරනවා. අපි හිතනවා නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වේවි කියලා. ”

” මම ඉංජිනේරු කෑල්ල පාවිච්චි කළේ ඉංජිනේරු ප්‍රජාවගේ ඉල්ලීම මත. මට කවදාවත් කෑලි ඉස්සරහට දාලා බැබලෙන්න ඕන වුනේ නෑ. අපි සාමාන්‍ය ජිවිත ගතකළ මිනිස්සු. අපි මේක සරලව ගන්නේ නෑ. මම ඉංජිනේරුවෙක් කියලා ඔප්පු කරන්න බැරි වුනොත් මම දේශපාලයෙනුත් අයින් වෙනවා. ඉදිරියේදී අපේ අභියෝග ඉදිරිපත් කරනවා විපක්ෂයට. අපි කියනවා ඒ අයගේ අධ්‍යා සහිතකත් ඉදිරිපත් කරන්න කියලා. එතකොට රටට මේක හොඳට තේරෙයි.” කුමාර ජයකොඩි පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සයිබර් වහල් කඳවුරුවල දුක් විඳි තරුණියන් 08ක් ඇතුළු 27ක් අද පස්වරුවේ දිවයිනට එති! තවත් 14ක් වහල් කඳවුරුවල…

Next Post

මට එරෙහි චෝදනා හැකි ඉක්මනින් විමර්ශනය කරන්න… නාමල් සීඅයිඩි එකෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.