සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් කථානායකවරයෙක් සමග අද පාර්ලිමේන්තුවේ වැඩ වෙන විදිහ…

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

 

  • පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද සහ හෙට.

  • ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන විවාදය ප.ව 3.00 සිට ප.ව 6.30 දක්වා….

පාර්ලිමේන්තුව අද (17) පෙ.ව 9.30ට රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වූයේය. අද( 17 ) සහ හෙට (18)  දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද මෙහිදී සිදුව ඇත.

අද ( 17 ) පෙරවරු 9.30 සිට පෙ.ව 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර ඇත. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමුවනු ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසේ.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය හෙට (18) දිනට ද පැවැත්වීමට තීරණය වී ඇත. මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇත.

ඉන්පසු ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත. නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළවී ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මරන්න ඇවිත් තියෙන්නේ පුතාව… තාත්තටයි දුවටයි වෙඩි තියලා ගිහින්… මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 05ක් අත් අඩංගුවට…

Next Post

යාපනය බියපත් වෙයි… මී උණ රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළට… දැනට මරණ 08යි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.