අමිල ජයවර්ධන –
මිනුවන්ගොඩ ජනතාවට නව වසරට ආශීර්වාද කරමින් සහ සෙත් ප්‍රාර්ථනා කරමින් මිනුවන්ගොඩ තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ඊයේ (07) රාත්‍රියේ සිට අද අලුයම දක්වා පැවැත්විනි.
අද උදෑසන හීල් දානමය පින්කමක් ද පැවැත්විනි. එමෙන්ම ප්‍රදේශයේ සද් කාර්යයන්ට උරදුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සම්මාන ප්‍රදානයක් ද ඊයේ සිදු විය.
1978 වර්ෂයේ මිනුවන්ගොඩ රජමහා විහාරය මුල්කොට බිහිවුන මිනුවන්ගොඩ තරුණ බෞද්ධ සංගමයේ ආරම්භක සාමාජිකයෙක් වූ බී.බී. පුණ්‍යදාස විසින් මෙතෙක් සිදුකළ සමාජ සේවා සද්කාර්යයන් අගයා මෙම උපහාර ප්‍රදානය සිදු කෙරිනි.









