සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස දෙකක් ඉවසන්න බැරිව රුපියලේ දෙකේ ලාබෙට මේ මිනිස්සු කරන්නෙ කර්මාන්තයක් විනාශ කිරීම!

by editor
ජනවාරි 8, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

සංවාද සටහන – ශ්‍රියානි විජේසිංහ

වෙළෙඳ ඇමතිගේ මූලිකත්වයෙන් රට බිත්තර ආනයනයට සූදානම්ය. රාජ්‍ය වානිජ නීතිගත සස්ථාව හරහා ලබන සතියේ බිත්තර ගෙන්වීම සඳහා මේ වනවිට ජාත්‍යාන්තර ටෙන්ඩර් කැඳවීම් සිදුකර ඇත. දැන් දේශීය බිත්තර නිශ්පාදකයින් රුපියල් 53ක මිලට වෙළෙඳපලට බිත්තර බෙදා හැරීම ආරම්භ කර ඇත. මේ බිත්තර ආනයනයෙන් කුඩා සහ මධ්‍යපරිමාණ ගොවිපලවලට සිදුවන්නේ කුමක් ද?. මේ පිළිබඳව ලංකාසර සමස්ත ලංකා කුඩා කර්මාන්තරුවන්ගේ ජාතිත සංවිධායක නිරුක්ෂ කුමාර සමග කළ කෙටි සාකච්ඡාවක් පෙළ ගැසෙන්නේ මෙසේය.

ප්‍රශ්නය – මේ වන විට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කර තිබෙනවා. මේ තීරණය හරහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සිදුවෙන්නේ කූමක් ද?‍

පිළිතුර – මේ තීරණය හරහා සිදුවන්නේ කුඩා පරිමාණ කුකුල් ගොවිපල හිමිකරුවන් කබලෙන් ලිපට වැටීමක් . මොකද පසුගිය කොරෝනා කාලේ අපේ කුඩා පරිමාණ කුකුළු ගොවිපල සියල්ල නැතිවුණා. වෙළඳපල වැහුව නිසා බිත්තර අලෙවි කරන්න බැරිව ගොවිපලවල් නඩත්තු කරන්න බැරිවුණා . අවසානයේ සත්තු මසට වික්කා.
දැන් නැවත ඒ ගොවිපල නගාසිටුවන්න රජය මැදිහත් විය යුතුයි. ඒ්ත් එ‌හෙම නොකර රජය කරන්නේ බිත්තර රටින් ගේන්න කටයුතු කිරීම. ඒක මහා විනාශක් .ඒහෙම උනොත්උනොත් අපේ දේශීය කුකුල් ගොවිපල සදහටම හාන්සියි. අනික බිත්තර වලින් ස්වයංපෝෂිත කරන්නන පුලුවන්කම තිබියදී මාස කීපයක් ඉවසන්නෙ නැතිව මේ කරන විනාශය මොකක්ද?.. රටින් බිත්තර ආනයනය  කිරිම මාෆියාවක්.

ප්‍රශ්නය – ඇයි ඔබ බිත්තර ආනයනය කිරිම මාෆියාවක් කියලා කියන්නේ?

පිළිතුර – වත්මන් වෙළද ඇමතිවරයා මුල සිටම උත්සාහ කළේ බිත්තර ආනයනය කරන්නමයි. සතොසේ සභාපතිවරයාව සිටිය කාලෙත් බිත්තර ආනයනය කළා. බිත්තර ප්‍රශ්නයට පිළිතුර ආනයනය කිරිම නොවෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රශ්නය – එතකොට දැන් රටේ ඇතිව තිබෙන බිත්තර ප්‍රශ්නයට සෘජුවම වගකිව යුතු වන්නේ කවුද.?‍

පිළිතුර – මේකට වගකිවයුතු වන්නේ කෘෂිකර්ම ඇමතිවරයා සහ පශුසම්පත් අමාත්‍යවරයා. ඔවුන් මේ පිලිබඳඳ වගේ වගක් නැතිව ඉන්නවා. තමන්ගේ අමාතයංශයේ යුතුකම් ටික ඉටුකළේ නැහැ. මේ සියලුම දෙනා බිත්තර කර්මාන්තය තුළ වෙළඳ ඒ්කාධිකාරියක් ඇති කරන්න හදන්නෙ. මේ කර්මාන්තය මහාපරිමාණ වෙළෙදුන් අතට පත්කරලා රටේ අහිංසක මිනිසුන්ට රුපියල් 80ට බිත්තරයක් කන තැනට දැම්මෙ නැතිනම් බලන්න. ඒ්ක වළක්වා ගන්න මේ අයට හැමදාම බිත්තර පිටරටින් ගේන්න වේවි. රටේ කර්මාන්තයක් විනාශ කරලා කුඩා කර්මාන්ත කරුවන් විශාල ප්‍රමාණයක් මහ පාරට දාන සාහසික වැඩක් මේ අය කරන්නෙ. .

ප්‍රශ්නය – කෘෂිකර්ම ඇමතිවරයා පසුගියදා මේ ගැටලුව විසදුම් දෙන්න ඉදිරිපත් වුණා නේද?

පිළිතුර – මම ඇමතිව අවදිකලාට පසුව ඇමති කිකිළියන් බෙදන්න ගත්තා. ඇමති තවමත් කිකිළියො බෙදන්නේ හම්බන්තොට පැත්තට. අපි ඇමතිට කියනවා පරණ තාලේ විදිහට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න කිකිළි පැටව් බෙදන්න එපා කියලා . අවශ්‍යතාව පරිදි රට පුරාම ව්‍යාප්ත වන විදිහට ගමක සමෘද්ධිලාභීන් ඉන්නවා මේ අයට කිකිළි පැටව් කීපදෙනෙක් දෙන්න. ඒක නියාමනය කරන්න සමෘද්ධි නියාමකට ගොවි නියාමකට දෙන්න කියලයි අපි කියන්නෙ.

අනික එදා කිකිළි පැටවෙක් රුපියල් 150ක් වුණා. නමුත් අද වන විට රුපියල් 1000ක් වෙනවා. මව් කිකිළිළියන්ගේ බිත්තර රක්කන හැචර් තියෙනවා. වැසී ගිය කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට මේවා ලබාදෙන්න. දැන් තියෙන්නේ වැසීි ගිය කුඩා ගොවිපල පනගන්වන එකයි. එහෙම කළොත් ලබන අප්‍රේල් වෙද්දි රුපියල් 30 -35 අතර බිත්තරයක් ගන්න පුලුවන්පුලුවන් .

ප්‍රශ්නය – මේ වන විට රට තුළ මහාපරිමාණ බිත්තර නිශ්පාදන සමාගම් කීපයක්ම තිබෙනව. රටේ බිත්තර අවශ්‍යතාව පිරිමහන්න ඒ අයට හැකියාක් නැතිද ?

පිළිතුර – රටේ සමස්ත දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ 80ක් පමණ වෙනවා. මහාපරිමාණ සමාගම් දෛනික සැපයුම් ලක්ෂ 30ක් පමණයි. ඒ අය ඒ බිත්තර හෝටල් සහ කේක් නිෂ්පාදනය සඳහා සැපයුම කළා. ඉතිරි ලක්ෂ 50 ම වෙළදපළට නිකුත් කළේ කුඩා හා මධ්‍යම පරිමාණ කුකුල් ගොවිපලවල් වලින්.

ප්‍රශ්නය – ආනයනික බිත්තර මෙරටට ගෙනැවිත් අඩු මිලට දෙන්න පුළුවන් . එය පාරිභෝගික ජනතාව පැත්තෙන් යහපතක් නේද ?.

පිළිතුර – ආනයනික බිත්තර මෙරටට ගෙවිත් අඩුමිලට දෙන්නේ කොහොමද?. එහෙම දෙන්න පුලුවන් කියලා හිතමු. මේ බිත්තර ආනයන කරන්නේ අධිශීතකරණවල. මෙහෙ ගෙනත් විකුණන්න වෙන්නෙත් අධිශීතකරණවල තියාගෙන. නැතිනම් බිත්තර නරක් වෙනවා. ලයිට් බිල් අහස උසට නැගලා තියෙන වෙලාවක මේක ප්‍රායෝගික ද?.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ තරුණ බෞද්ධ සංගමය සමාජ සේවය කළ ජ්‍යේෂ්ඨයින්ට උපහාර පුදයි…

Next Post

ජෙලි ෆිෂ් ප්‍රහාරයකින් ධීවරයෙක් මිය යයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.