යෝජිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසාම් සාමාජිකයන් අතර පවත්වන සාකච්ඡාව අද (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම සාකච්ඡාව අද පෙරවරු 11.30ට අරලිය ගහ මන්දිරයේදී පැවත්වෙන අතර මෙම සාකච්ඡාවේදී මතුවන කරුණු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට යළි රැස්වන බව ද සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ට අවශ්‍ය මුදල් වෙන් කිරීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වන අතර පළාත් පාලන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බව අග්‍රමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද අද පැවත්වෙන සාකච්ඡාවෙන් පසුව හෙට රැස්වන මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය පැවත්වීම සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගනු ඇති බවත් ඒවා මහජනතාවට දැනුම් දෙන බවත් මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.