ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති “මැන්ඩුවොස්” සුළි කුණාටුව දිවයිනෙන් ඈත් ව බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09 වැනිදා) රාත්‍රීයේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ඩුනාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑමෙන් උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මීලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.
උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි සහ පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං ද ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති වේ.







