පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය ණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරීන් වශයෙන් මෙතෙක් ලබාගෙන ඇති විවිධ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මැති ඇමතිවරු නඩත්තුව සඳහා මහ ජන බදු මුදලින් සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන බැවින් වර්තමාන මූල්‍ය අවකාශය තුළ එම බර අවම කරගැනීමට තාර්කික නොවන හිමිකම් හා දීමනා තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්පයක් හඳුනා ගැනිමට යෝග්‍ය නිර්දේශ සහිත විස්තරාත්මක වාර්තාවක් මාස දෙකක් තුළ ලබා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ පරමාර්ථය වී තිබේ.
ඒ අනුව අධිකරණ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍යාවරිය කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ගේ සභාපතිත්වය සහිව
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කර ඇත.
එම කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් පැවසුවයෙ.
2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීම, ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශය වෙත අක් මුදල් නිදහස් කිරීමේ දී පවතින සීමාවන් ඉවත් කිරීම, ඇතුළු තින්දු ගණනාවක් සහිතව අද ප්‍රකාශයට පත් කළ ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලයේ කැබිනට් තින්දු පහත දැක්වේ.







