ගාල්ලේ දී පැවැත්වෙමින් ඇති දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඊයේ (30) ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී ඇති අතර ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා ඇත.









