දිනසේන රතුගමගේ –
මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ලක්කළ පාසල් ගුරුවරයෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා පොලීසියට ඊයේ ( 30 ) නියෝග කළේය.
මුලතිව් පොලීසියට ලබුණු තොරතුරක් මත අදාල ශිෂ්‍යාවන් හය දෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන එම ශිෂ්‍යාවන් හය දෙනා රෝහල් ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
නමුත් මේ සිද්ධිය සිදු වූ දිනයේදීම අදාල ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් අති අතර ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදවා ගෙන ඇත්තේ පාසල් පරිසරය තුළ ඔවුන් හා ප්‍රේම සබදකම් ගොඩනගා ගැනීම සදහා අනුබල හා උදව් උපකාර ලබා දීමෙන් පසුව බව හෙළි වී තිබේ.
මෙම ගුරුවරයාට එම කටයුතු සදහා උදව් උපකාර කළ බව කියන සිසුවෙකුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරණ ලද නමුත් අධිකරණය ඔහුව පුද්ගල අප මත නිදහස් කොට තිබේ.
වහාම මෙම ගුරුවරයා අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කීපයක්ම මුලතිව් නගරයේ විරෝධතාවයක නිරත වූ අතර පොලීසිය එම සැකකටයුතු ගුරුවරයා අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.