ඉන්ධන ගැටලුව හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දුම්රිය කාර්යමණ්ල හේතුවෙන් දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කිරීමට සිදුවුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රඹුක්කන, මීරිගම, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කීපයක් සහ හලාවත, පානදුර, වාද්දූව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාලයීය දුම්රිය කීපයක් ද මෙසේ අවලංගු වී තිබේ.
කොළඹ කොටුවෙන් මඩකලපුව දක්වා කලින් ආසන වෙන් කරගෙන ධාවනය කරන උදයදේවී දුම්රිය, අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රියද අවලංගු වී ඇති දුම්රිය අතර වේ.
ප්‍රවාහන පහසුකම් නොමැති රටේ දුම්රිය ප්‍රවාහනය එකම විකල්පය කරගත් මගීන් දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.