මේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඇතුළේය.
බංගලාදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන්තොටුපලට එන ගුවන්යානයක ඊයේ (29) දහවල් මේ දැකුම ප්‍රකට විය.
එකිනෙකා නොදන්නා ශ්‍රී ලාංකික පිරිසක් ගුවන් යානය තුළ සිය භාවයන් ප්‍රකට කළේ මෙසේය.
විශේෂත්වය වන්නේ “ගෝටා ගොබ්බයා – ගෝටගෙ අයියා ගොබ්බයා “ කියමින් මේ සිය මවුරට බලා එන්නේ මීට අවුරුදු දෙක හමාරකට පෙර “වැඩ කරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා – රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා “ කියමින් ගුවන් යානා වෙන් කරගෙන ජනාධිපතිවරයා පත් කිරීමට පැමිණි මිනිසුන්ම වීමය.
බලා සිනාසෙනවාට වඩා වැඩි යථාර්ථයක් මේ වීඩියෝව තුළ ඇත්තේ ඒ නිසාය. ඒ අතෘප්තිකර ඇත්ත ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පිළිගන්නේ නැති වීම මේ අවුල වියවුලක් දක්වා වර්ධනය කරමින් ඇත්තේය.