ජල දූෂණය හේතුවෙන් වසර 15ක පමණ කාලයක සිට පිළිකා හා රක්තපාත රෝගී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව ෆසිල්කා හි ගම් 130ක ගම් වැසියන් දහස් ගණනක් චෝදනා එල්ල කරයි. පාකිස්ථානයේ කසූර් දිස්ත්‍රික්කය හරහා ෆසිල්කා තෙක් පැමිණෙන සුල්තේජ් ගං ඉවුරේ ඇති සම් පදම් කිරීමේ කර්මාන්තශාලා නිසා සිදුව ඇති දැඩි ජල දූෂණය මීට හේතු වී ඇති වග ඔවුන් පෙන්වා දෙයි.
සුල්තේජ් ගංඟාව කිලෝමීටර් 12ක් පමණ දුරක් පාකිස්ථානය හරහා ගලා එන අතර ගං ඉවුර දෙපස සම් පදම් කිරීමේ කර්මාන්තශාලා 300ක් පමණ පිහිටා තිබේ. මේ කර්මාන්තශාලාවලින් රසායනික ද්‍රව්‍ය සහිත පිරිපහදු නොකළ ජලය ගංඟාවට මුදා හරියි.
“2006ට කලින් දූෂණය වූ වතුර පාකිස්ථානය ඉන්දියාවට මුදා හැරියේ නෑ. ඒ නිසා පිළිකා රෝගියෙක් අපේ ගම්වලින් හමුවුණේ බොහොම කලාතුරකින්. ඒත් දැන් මගේ ගමේ විතරක් රක්තපාත රෝගීන්ට අමතරව පිළිකා රෝගීන් 100ක් විතර ඉන්නවා..” රෝගයන් නිසා සිය මව සහෝදරියා හා නෑනා අහිමි වූ කුයි කේරා ගමෙහි භීම් සෙන් පවසයි.
2006 සිටම මේ ගැටලුව විසඳා දෙන්න යැයි ඉල්ලීම් කළත් රජය තවමත් තමන්ට පිළිතුරක් නොදුන් බවත් ගම්වැසියන් සියලු දෙනා පිළිකා රෝගීන් වෙන්නට පෙර ජල දූෂණය වළකා දෙන්න යැයි ඔවුහු ඉල්ලති.