ඉස්ලාම්බාද් හා බීජිං අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් වැඩිදෙනෙකුගේ අවධානයට ලක්ව තිබූ පාකිස්ථානයේ එම්එල් – 1 ව්‍යාපෘතිය අතරමඟ නවතා දමනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ‘CPEC’ සමාලෝචන කමිටු රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙම එම්එල් 1 ව්‍යාපෘතිය පාකිස්ථාන දුම්රිය මාර්ග වෙනුවෙන් යෝජනා වූ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය වෙන අතර 2020 අගෝස්තු 5 වැනිදා ජාතික ආර්ථක කවුන්සිලයේ විධායක කමිටුව ඇමරිකානු ඩොලර් බිලියන 6.8068 ක ඇස්තමේන්තුගත පිරිවැයකට අවසර ලබා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය නවතා දැමීමේ තත්ත්වයකට මුහුණ පා ඇත්තේ චීන පාර්ශවය සමඟ සිදු කළ ණය කොන්දෙසි පිළිබඳ මූල්‍ය සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙනි. එම්එල් 1 ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හා බීජිං හි විවිධ මට්ටම්වලින් සාකච්ඡා කර ඇති නමුත් පිරිවැය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිනීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇත.