පැෂ්ටෝ භාෂාව (නැගෙනහිර ඉරාන භාෂාවක්) කතා කරන විදේශීය ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ජම්මු ගැටුමකදී ඝාතනය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරන බුද්ධි අංශ පවසන්නේ එය හකානි ජාලයට සහය පළ කිරීමක් ලෙස අයිඑස්අයි විසින් සිදු කරන ලද ක්‍රියාවක් බවයි. නැගෙනහිර ඇෆ්ගනිස්ථාන හා වයඹ දිග පාකිස්ථානයේ හකානි ජාලය අයිඑස්අයි සංවිධානය සමඟ සබඳතා පවත්වයි.
ත්‍රස්වාදීන්ගෙන් අයෙකු වූ ෂෆීක් අහමඩ් අත්අඩංගුවට ගෙන සිය නිවසේ රඳවාගෙන සිටි බව ඇති වූ ගැටුමෙන් අනතුරුව මුකේෂ් සිංග් පවසා ඇත. ජම්මු කාශ්මීර් ප්‍රදේශයෙහි පෂ්තුන් ත්‍රස්තවාදීන් සිටීම බුද්ධි අංශවලට අනතුරු ඇඟවීමේ සීනු නාද කර ඇති අතර හකානි ජාලය ත්‍රස්තවාදීන් එම ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට සම්බන්ධව සිටීදැයි සොයා බැලීම ආරම්භ කර තිබේ.
මිය ගිය ත්‍රස්තවාදීන් දෙදෙනා සම්බා දිස්ත්‍රික්කයේදී කාශ්මීර් ට්‍රක් රථ රියැදුරෙකු විසින් සිය රථයට නංවාගෙන ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී ඇති අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙහෙයුමක් දියත් කර තිබේ.