බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය සම්බවයක් ඇති හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් පත්ව තිබේ.
ලිස් ට්‍රස් ඉකුත් දා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවත් සමඟ සුනක් මෙලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්ව තිබේ.
ඒ අනුව අගමැති ධූරය දිනාගැනීමේ මූලිකම පියවර වන බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟය ජයග්‍රහණය කිරීමට සුනක් අද (24) පස්වරුවේ සමත්වූවේය.
ඒ අනුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉන්දීය සම්භවයක් ඇති පළමු අග්‍රාමාත්‍යවරයා බවටද සුනක් පත්වේ. ඔහුගේ මුත්තා ඉන්දියාවේ පන්ජාබ් හී උපත ලැබූවකු වන අතර පසුව බ්‍රිතාන්‍යය සංක්‍රමණය වී තිබේ.
බ්‍රිතාන්‍ය තුළ දැඩි දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයක් මේවන විට නිර්මාණය වී ඇති අතර හිටපු අගමැතිනියගේ තීරණය තත්ත්ව වර්ධනය කිරීමට හේතු විය.
ඉකුත් මාස දෙකක කාලය තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පුද්ගලයන් තිදෙනකු පත්වීමද විශේෂත්වයකි.







