එක් දරුවෙක් රුපියල් ලක්ෂ දහය බැගින් ලක්ෂ විස්සක මුදලකට විකිණීම සඳහා රඳවා තබාගත් බවට සැක කෙරෙන වයස මාස දෙකක හා එකහමාරක දරුවන් දෙදෙනෙකු නාවුල උඩුදෙණිය ප්‍රදේශයේ නිවසකින් සොයා ගත් සිද්ධියක් සම්බන්ධව නාවුල පොලීසිය සහ මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙරට සහ ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙකුට හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම දරුවන් දෙදෙනා අලෙවි කිරීමට සූදානමින් සිටි බව විමර්ශන අංශ සැක පහළ කර ඇත.
මහනුවර ජාතික රෝහලේ කණිෂ්ඨ සේවකයෙකුට අයත් නිවසකින් සෙයා ගත් දරුවන් දෙදෙනාගෙන් පිරිමි දරුවා මාස 1 1/2 ක් වයසැති බවත් ගැහුණු දරුවාගේ වයස මාස දෙකක් බවත් පිරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
බිළිඳුන් දෙදෙනා ගේ මව්වරු තෙල්දෙණිය හා නිකවැරටිය ප්‍රදේශ වල පදිංචි අය බවට හඳුනා ගෙන ඇතැයි ද, මෙම දරුවන් අදාල පුද්ගලයින් දෙදෙනාට ලබාදීම සඳහා නිත්‍යනුකූල පියවර අනුගමනය කර නැතැයි ද විමර්ශන අංශ කියයි.
දැනට දරුවන් දෙදෙනා අධිකරණය මගින් මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ළමා නිවසයකට යොමුකර තිබේ.
සිද්ධිය සම්බන්ධව තවම කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.