ශ්‍රියානි විජේසිංහ –
මාතර මහ රෝහලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදනයන්ගෙන් රුපියල් මිලියන 100ක වටිනාකමින් යුතු ඩිජිටල් එක්ස් කිරණ පරික්ෂණ යන්ත්‍රයක් ස්ථාපිත කර ඇත.
ලබන සතියේ සිට රෝගී සත්කාර සේවාවන් සඳහා මෙය යොදා ගැනීමට කටයුතු කරනු ඇති.
දකුණු පළාතටම ඇති එකම නවීන පහසුකම්වලින් සමන්විත එක්සරේ පරික්ෂණ යන්ත්‍රය මෙය වේ.
මාතර මහ රෝහලට දිනකට එක්ස්කිරණ පරික්ෂණ ලබා ගැනීම සඳහා රෝගීන් 150 – 200 අතර පිරිසක් පැමිණෙන බැවින් මෙම යන්ත්‍රය මගින් දිනකට පරික්ෂණ 100ක් පමණ කළ හැකි යැයි රෝහල් නිලධාරින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාට පවසා ඇත.