ලලිත් චාමින්ද –
කල් පිරී විසුරුවා හැර නැති එකම ප්‍රදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය අද වැඩි ඡන්ද නවයකින් පරාජයට පත්විය.
සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් ඉදිරි වසර සදහා ඉදිරිපත්කළ ඇයවැය පරාජය වන්නේ සභාවේ උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමය.
2019 සැප්තැම්බර් 11 පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී කොට්ඨාස 17ම පහසුවෙන් දිනා ගනිමින් ප්‍රබල ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූයේය.
සභිකයන් 29 දෙනෙකුගෙන් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන් 17 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, සභිකයන් 7 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 3 දෙනෙකු හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් හිමිවිය.
පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හතක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුනක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව චන්දය පාවිච්චි කරන ලදී