ගිරිඋල්ල නගරය මුලුමනින්ම ජලයෙන් යටවී ගියේය. ඒ මාඔය පිටාර ගැලීමෙනි. සමහර ව්‍යාපාරික ස්ථාන අඩි අතරක් දක්වා උසට ජලකඳින් යටවී තිබිණි.
දිවයිනට මෑත කාලයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනයක් ලැබෙමින් ඇත. පුරා දින 07ක් තිස්සේ ඇදහැලෙන වාර්ෂාව ප්‍රධාන ජලාශ රැසක් වාන් දමනට පටන් ගෙන තිබේ.

මාඔය දෙපස ජනතාවට රතු නිවේදනය නිකුත් කර තිබේ. අත්තනගලු ඔය, කළු, නිල්වලා, ගිං, කැළණිය ඇතුළු ප්‍රධාන ගංගා ද්‍රෝණී 09කට ගංවතුර තර්ජන එල්ල වී ඇත. අද දිනය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ යාපන පුත්තලම කුරුණෑගල දිස්ත්‍රික්ක තුනටය. දැනට 7000කට වඩා පිරිසක් පීඩාවට පත් වී ඇත්තේය. 222ක් අවතැන් කඳවුරුවලය.







