ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ඉල්ලා අස්වීම භාරදී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
ඔහු සිය ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කර ඇත.
“සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත“
සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත. #SriLanka
— Ajith Nivard Cabraal (@an_cabraal) April 4, 2022