රට මුහුණ පා ඇති වත්මන් තත්වය හමුවේ ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ වහාම මහා මැතිවරණයකට යෑම බව ආණ්ඩුවේ සිටි කැබිනට් ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇත.
ඊයේ රාත්‍රියේ පැවති හදිසි කැබිනට් රැස්වීම ආරම්භයට පෙර මෙම ඉල්ලීම කර ඇති බව හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.
හදිසි මහා මැතිවරණයකට යෑමෙන් ජනතාවට තමන් කැමති පාලනයක් බලයට පත්කරගැනීමට අවස්ථාව සලසා දීම කාලෝචිත ක්‍රියාවක් බවත්, එසේ නොකර කුමණ ක්‍රියා මාර්ග අනුගමනය කළ ද ඉන් උද්ගතව ඇති අර්බුදයට විසඳුම් නොලැබෙන බවත් එම ඇමති කණ්ඩායම පෙන්වා දී ඇත.
මේ අනුව හදිසි මැතිවරණයකට යන තෙක් සුලු පිරිසකගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වෙමින් තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර තවත් ඇමතිවරු පිරිසකගෙන් මතු වී ඇත්තේ ආණ්ඩුව කරගෙන යෑමට විපක්ෂයේ සුදුසු කණ්ඩායමකට ලබා දෙන ලෙසය.