ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් නිකුතු සුරකෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් බන්ඩලයක් අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් මේ සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.
මුදල් නිකුතු සුරක්ෂිතාගාරයට ඇතුළු විය හැක්කේ එම අංශයේ නිලධාරීන්ට පමණක් බව පැවසෙන අතර . වෙනත් කිසිවකුට ඇතුළු විය නෙහැකිය.
එම තත්ත්වය තුළ මෙයට එම අංශයේම සේවකයකු මේ හොරකමට සම්බන්ධ දැයි යන්න පිළිබඳව විමර්ශනය කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.