උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම අම්පාර සහ මඩකලපුව කේන්ද්‍ර කරගෙන මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
නාඩු වී කිලෝවක් රුපියල් 90ක් මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92ක මිලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 මිලකටත් මිල දී ගැනීමට රජය සූදානමින් සිටින බව වී අලෙවි මණ්ඩලය පවසයි.
මිට අමතරව අදාල ගබඩා වෙත වී ප්‍රවාහනය කරන්නේ නම් වී කිලෝවක් සඳහා අමතර රුපියල් දෙකක මිලක් ද ලබා දීමට කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලය කියයි.







