කීර්ති ප්‍රනාන්දු –
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය අමාත්‍යාංශයේ මේ බව මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට කඩා වැදී එම සිසුන්ට පහර දීමේ චෝදනාවට තම පුතාට විවිධ චෝදනා එල්ල වන බැවින් එම පරීක්ෂණ නිසි පරිදි සිදු කර අවසන් වන තුරු තමන් මෙම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී දැනුම් දෙනු ලැබීය.







