අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේද නැද්ද යන තීරණය අද(25) සවස පැවත්වෙන කැබිනට් අමාත්‍ය හමුවෙන් පසුව ගැනීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් කරගෙන සිටින බව ඔහුට සමීප දේශපාලකයෙක් ලංකාසර ට පැවසීය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියොජිතයන් බහුතරයකගේ විශ්වාසය පළ කිරීම සඳහා දියත් කර ඇති අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා මෙම පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පවතින බව පෙන්වා දීමට මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය ඊයේ (24) වැනිදා ආරම්භ කර ඇති අතර අද පස්වරු 3.00 වනවිටත් ඊට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 101ක් බවද ඔහු අනාවරණය කළේය. බහුතරය තමන්ට ඇති බව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබුණත් සවස් වනතුරු ඒ සඳහා බහුකරය ලබා ගැනීමට නොහැකිව ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බව මෙම දේශපාලකයා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස සමීප හිතවතුන් රැසක් දන්වා තිබෙන බවට පැතිරෙන ආරංචි සත්‍යයක්දැයි අප කළ විමසීමේදී ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
“ එහෙම කිහිප දෙනෙක් කියල තියනවා තමයි. නමුත් බහුතරය කියනවා නම් ප්‍රශ්නයක් නෑ. අස්වෙන්න කියනවා වගේම අස්වෙන්න එපා කියලත් තවත් පිරිසක් කියනවා. එතුමගේ පවුලේ අය බහුකරයක් කියන්නේ අස්වෙන්න එපා කියල. ඉතින් බලමු මොකද වෙන්නේ කියල“
උද්ගතව තිබෙන තත්ත්වය මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.