සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා ශිව රාත්‍රියේ අධ්‍යාත්මය කෙසලසා දේශපාලන වාසි සෙවූ උතුරේ ගෝත්‍රිකයෝ… අධිකරණ නියෝග නොතකා වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් උත්සව කෙළින්නට ගිය 08ක් රිමාන්ඩ්!

by editor
මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධිකරණ නියෝග නොතකා වවුනියාව පෞරාණික වඩ්ඪමාන  පබ්බත විහාරය හෙවත් වඩුනාගල විහාර භූමිය නෙඩුන්කේණී වෙඩුක්කුනාරිමලේ ආදී ලිංගේස්වර කෝවිල ලෙස නම් කර එම පුරාවිද්‍යා භූමියේ හින්දු දේශපාලන කණ්ඩායම් ඇති කළ ගැටලුවත් සමග පැනවූ අධිකරණ නියෝග නොසලකා මහා ශිව රාත්‍රීය දිනයේ  පොංගල් පූජාවක් පැවත්වීමේ සිද්ධිය මත පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පූසාරීයා ඇතුලු පුද්ගලයින් 8 දෙනෙකු මේ මස 12 වෙනිදා දක්වා බන්ධනාගර ගත කරණ ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා ඊයේ (9) නියෝග කොට තිබේ.

මෙම පුරාවිද්‍යා භූමියේ අනන්‍යතාවය තහවුරු කරගෙන එහි ඉතිහාස පැවැත්ම හඳුනාගෙන තිබෙද්දී එය ආදිලිංගේස්වර කෝවිල ලෙස නම් කරගෙන අත් පත් කරගැනීමට හින්දු දේශපාලනඥයන්ගේ පිටුබලයෙන් ආගම්වාදී සුලුතරයක් කටයුතු කරන්නේ    යුද සමයේදී බෞද්ධයින් මෙම ප්‍රදේශවලින් මගහැරීම නිසාය.

සාමය එළඹීමෙන් පසුව බෞද්ධ ජනතාව එම ස්ථානයට යාම  ගැන උරණ වූ හින්දු දේශපාලන අධිකාරියේ ආශීර්වාදය සහිත ආගම්වාදී පිරිස්   විවිධ ඇති කළහ.  මේ තත්ත්වය තුළ මේ ස්ථානයේ ඓතිහාසික පැවැත්ම පුරාවිද්‍යා සාධකමත තහවුරු කරමින්    පුරාවිද්‍යා නිලධාරීහු   වවුනියාව  මහාධිකරණයේ  නඩු හතරක් ගොණු කළහ.    එම නඩු විභාගයට ගත් අවස්ථා වලදී අධිකරණ නියෝගය වී ඇත්තේ මේ ස්ථානයේ අයිතිය තහවුරුවන තුරු කිසිදු පාර්ශ්වයකට මේ ස්ථානය තුළ    මහා පරිමාණයෙන්   පොංගල් පූජා හෝ වෙනත් ආගමික පූජා නොපැවැත්විය යුතු බවය. දෙපාර්ශවයේම  බැතිමතුන්ට එම ස්ථානයට ගොස් මල් පහන් පූජා  කොට වන්දනාමාන කිරීමට පමණක් අවසර ලබා දී තිබිණි. එමෙන්ම කිසිදු පාර්ශවයකට ස්ථානීය සංවර්ධන කටයුතු  සිදු කිරීමට අවසර නොමැති බව ද අධිකරණ නියෝගයේ විය. 

තත්ත්වය මෙසේ තිබියදී මෙවර මහා ශිව රාත්‍රී දිනයට පෙර දින සිට මෙම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර උපයෝගී කරගෙන හා විදුලි ජනක යන්ත්‍ර සහිතව දැවැන්ත පොංගල්  පූජාවක් දින තුනක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.    කෝවිලේ පූසාරීයා සහ ඔහුට පහසුකම් සපයන උතුරේ ගෝත්‍රවාදී දෙමළ දේශපාලනය මේ කටයුත්ත පසුපස විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්  උත්සව කරන්නට පටන් ගත්  අවස්ථාවේදී නෙඩුන්කේණී පොලීසිය කෝවිලට පැමිණියේය. අධිකරණ නියෝග කඩ කළ  පූසාරියා අත් අඩංගුවට ගත්තේය. පසුව මහා පරිමාණයේ පොංගල් උළෙලට එරෙහිව පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.

නමුත් අධිකරණ නියෝගයන් හා පොලිස් නියෝගයන් නොතකා බලහත්කාරයෙන් එම ස්ථානයේ පොංගල් පූජාවක් පවැත්වීමට ගිය අවස්ථාවේදී  පොලීසිය හා පිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගත්තේය.

කුදලාගෙන යන අයුරු…

පොලීසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී එතැන  දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජේන්ද්‍රන්  මන්ත්‍රීවරයා සමග තවත් ප්‍රාදේශීය දේශපාලනඥනයෝ කීප දෙනෙකුම වූහ.  රටේ නීති හදන්නට පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරයා නීතිය කඩ කර උසාවි නියෝග නොතකා මගුල් කෙළින්නට යෑම වැළැක්වීමට කටයුතු කරන්නට හැදූ  පොලිසිය සමග ගැටුමක් ඇති කරගත්තේය.

මේ අවස්ථාවේදී පොලීසිය අධිකරණ නියෝගය හා වන ජීවී කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පොංගල් උත්සවයට සහභාගී වූ පිරිසට කියවා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස අවස්ථා අටකදීම දැනුම් දුන්නේය.  ජනතාව එම නියෝගයට අවනත විය.  නමුත්  දෙමළ දේශපලනඥයින් හා ඔවුන් සමග සිටි වේලන් සාමි නැමැති උග්‍ර ආගම්වාදියා පොලිසියට එරෙහි දැඩි විරෝධයක් ඇති කළේය. ඔහු සම සිටි උම්මන්තක පිරිස  කෑ කෝ ගැසමින්  කෝවිල් භූමියේ දැඩි නොසන්සුන්තාවයක් ඇති කළේය. .

එහෙත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේය.    පොංගල් උපකරණ සියල්ලම පොලිසිය තමන්  බාරයට ගත්තේය.    බැතිමතුන් එම ස්ථානයෙන් ඉවත් කළේය.    ඊට විරෝධය පල කොට පොලීසියේ රාජකාරීවලට බාධා කළ පුද්ගලයින් හත් දෙනෙකු පොලිස්  අත් අඩංගුවට පත් විය.  

පිරිස ජීප් රථ වලට නැගීම  ප්‍රතික්ෂේප කළහ. නිසා පොලීසිය  ඔවුන්ව කුදලාගෙන ගොස් ජිප් රථයට දැමූහ.

කළින් අත් අඩංගුවට ගත් කෝවිලේ පූසාරීවරයා සහ පසුව අත් අඩංගුවට ගත් හත් දෙනා  වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත ඔවුන්ව බන්ධනාගාර ගත කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝයල් තෝමියන් මැච් එකේ දි ජනපති ගත්ත ෆන් එක… “බිව්වා නේද වදකහ සුදිය”

Next Post

ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එක්වරම ගිනි ගෙන විනාඩි 05ක් තුළ අඟුරු වෙයි… පැදිකරුවන් බයිසිකලයෙන් පැන ජීවිත බේරා ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.