අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝයල් තෝමියන් මැච් එකේ දි ජනපති ගත්ත ෆන් එක… “බිව්වා නේද වදකහ සුදිය”

by editor
මාර්තු 9, 2024 - Updated on මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

145 වැනි රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම ජය පරජායකින් තොරව එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් වූයේය.

දින තුන පුරාම තරගය ඇදී ගියේ වඩාත් ජවසම්පන්න සටන්කාමීත්වයකින් තොරවය. දෙපිලම තරය ජය පරාජයකින් තොරව නිමා කිරීම සඳහා වු සම්මුතියකින් ක්‍රිඩා කළේදැයි සිතුනේය.

අද තරගය ආරම්භ කරන විට  රාජකීය කණ්ඩායම 234/7 කි. ලකුණු 86ක් පසුපසිනි. ඊයේ දිනයේ ලකුණු 68ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නෙත්වින් ධර්මරත්න ලකුණු 41  සහ බුලන් වීරතුංග ලකුණු 20ක් ලබා ගත්තේය.  දිනයේ පෙරවරුවේ දී රාජකීය කණ්ඩායම ඉනිම සිය අත්හිටුවා    ශාන්ත තෝමස් කණ්ඩායමට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කරන්නේ  දිවා ආහාරයට පෙරය. ඒ වනවිට රාජකීය කණ්ඩායම ලකුණු 278ක් කඩුළු 09කට රැස් කරගෙන තබිණි.    ශාන්ත තෝමස් පිල සිටින්නේ  ලකුණු 19ක් ඉදිරියෙනි.

ඉනිම ආරම්භයේදීම සේනාධි බුලන්කුලම ලකුණු නොලබා දැවී ගියේය.  එතැන් සිට තරගයේ යැවූ ඕවර 86 තුළම  ක්‍රීඩා කළේ ශාන්ත තෝමස් කණ්ඩායමේ පිතිකරුවන්ය.  දිනයේ අවසන් කාර්තුවේ දී හෝ රාජකීය කණ්ඩායම පිතිකරණයට කැඳවා අභියෝගයක් ලබා දී මහා තරගයක තිබෙන උණුසුම මතුකරන්නට  ශාන්ත තෝමස් කණ්ඩායම උත්සාහ කළේ නැත.  තනි තනිව තමුන්ගේ වාර්තා වැඩි  කිරීමේ අභිලාෂය පමණක් පෙනුණි.

ආරම්භක පිතිකරු සදෙව් සොයිසා  ලකුණු 33ක් ලැබුවේය. දිනෙත් ගුණවර්ධන ලකුණු 74ක්, මහිත් පෙරේරා ලකුණු 63ක්, තිෂෙන් ඇහැලියගොඩ නොදැවී ලකුණු 31ක්, නේතන් කල්දේරා නොදැවී ලකුණු 20ක් ලැබුවේය.  තරගය අවසන් වන අවස්ථාව වනවිට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 229ක් රැස් කළේය. කඩුළු 04ක් දැවී ගොස් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු යැවීමේ දී රාජකීය කණඩායමේ බුලන් වීරතුංග ලකුණු 10කට කඩුල්ලක්, සිනෙත් ජයවර්ධන ලකුණු 57කට කඩුල්ලක්, රමිරු  පෙරේරා ලකුණු 87කට කඩුළු දෙකක් ලැබුවේය.

ඊයේ දිනය.

ඊයේ දිනයේ මුල් කාර්තුවේ දී තරගයක තිබිය යුතු ජීව ගුණය ප්‍රකට වූයේය. ලකුණු 297ක ඉලක්කයක් හඹා යෑටම පැමිණි රාජකීය කඩුළු 02ක් එකවර බිඳ වැටිනි. ලකුණු පුවරුවේ තිබුණේ එක් ලකුණකි. ආරම්භක පිතිකරු ඉසුල ගීගනගේ දැවී යන්නේ ලකුණු නොලබාය. අනතුරුව පිටියට පැමිණෙන රෙහාන් පීරීස් එක් ලකුණකට දවී ගියේය.  දැඩි පීඩනයක් කණ්ඩායම මත පතිත විය. ඒ අවස්ථාවේ දී අන්තර්ජාතික අත්දැකීම් සහිත රාජකීය නායක සිනෙත් ජයවර්ධන වගකීම සිය කරට ගෙන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය.

සිනෙත් ජයවර්ධන පන්දු 172 කදී ලකුණු 92 ක් ලබා ගත්තේය.  සිනෙත් ගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් වූ අතර ඔහු සහ ඔවින අඹන්පොල දෙදෙනා තුන්වෙනි කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

පන්දු 295 ක් පුරා ඇදී ගිය එම තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳී ගියේ ඔවින අඹන්පොල ලකුණු 36ක් ලබා සිටියදී අශේන් පෙරේරා    ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙනි.

අඹන්පොල ගේ ඉනිම ට හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර  ඔහු පන්දු 160 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය.

තෙවැනි කඩුල්ල ලකුණු 127 දී දැවී  යාමෙන් අනතුරුව  රාජකීය කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ද ලකුණු 130 දී බිඳ වැටුණි.  තම අන්තය ආරක්ෂා කරගෙන කඩුල්ලේ රැඳී සිටි සිනෙත්  ගේ ඉනිමද 6 වෙනි කඩුල්ල ලෙස ලකුණු 164 දී නිමා වීමත් සමග නැවතත් ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරඟයට අවතීර්ණ වූහ.

එහෙත් රාජකීය කණ්ඩායමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන්  නෙත්වින් ධර්මරත්න සහ දිනුර සේනාරත්න අතර ගොඩනැගුණු ලකුණු 68ක සම්බන්ධතාවය ශාන්ත තෝමස් කණඩායමේ  බලාපොරොත්තු සුන් කළේය.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන්  පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ අශේන් පෙරේරා කඩුලු 4 ක් දවා ගත් අතර ඩේරියන් ඩියෙගෝ කඩුලු දෙකක් දවා ගත් හ.

ජනපති සිංදු කියයි… ජුලී චං නටයි…

කෙසේ වෙතත් තරගයේ දින තුන ගෙවී යන්නේ විසඳුමක් නැතිවය. ඒ තරගය බැලීමට අද (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ආවේය.

දිවා ආහාරයට තරගය නතරකල පසු ක්‍රීඩාංගණයටත් බැස්සේය.    ක්‍රිඩාංගණය වෙත පැමිණ සිටි සිසුන් සමඟ ද සුහද කථා බහක නිරත වුයේය. තරගය බැලීමට පැමිණ සිටි ආදි ශිෂ්‍යයන් සමග ද කතා කළේය. සිංදුත් කිව්වේය.

ජනාධිපතිතුමා තොරගත්තේ බිව්වා නේද වදකහ සුදිය සිංදුවය.

 

මැච් එක බලන්න ඇමරිකානු තානාපති ජුලි චං ද ආවාය. ඇය  හර්ෂ ද සිල්වා සමග කදිම නැටුමක් ද නැටුවාය.

රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, මහින්දානන්ද අළුත්ගමගේත්,     ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකත්,  දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, නීතිපති සංජය රාජරත්නම්   ඇතුළු පිරිසකුත් තරගය බලන්නට එක් විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටයිම් අවුට්….

Next Post

මහා ශිව රාත්‍රියේ අධ්‍යාත්මය කෙසලසා දේශපාලන වාසි සෙවූ උතුරේ ගෝත්‍රිකයෝ… අධිකරණ නියෝග නොතකා වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් උත්සව කෙළින්නට ගිය 08ක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.