දිනසේන රතුගමගේ –
යාපනය-මන්නාරම මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එක්වරම ගිනි ගැනීම නිසා එය පැද වූ තරුණයා හා ඔහුගේ මිතුරා යතුරු පැදියෙන් බිමට දිවි ගලවා ගෙන තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (09) යාපනය-මන්නාරම මාර්ගයේ පල්ලමඩු ප්දේශයේ දි ය.
ගින්න නිසා යතුරු පැදිය විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම දැවී ගොස් විනාශ වී ඇති අතර ඉන් තරුණයාට සිදු වු අලාභය රුපියල් ලක්ෂ අටක් බව ඔහු මන්නාරම පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය දැනට සැකකොට ඇත්තේ මේ සිද්ධිය සිදු වන විට යතුරු පැදියේ ඉන්ධන ටැංකියේ උතුරා යන තරමට පෙට්‍රල් තිබූ නිසා මේ දිනවල අධික අව් රශ්මිය සමග පිටතට කාන්දු වූ පෙට්‍රල් කීසියම් ආකාරයකින් ගිනි ගන්නට ඇති බවය.
මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.